IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පානීය ජලයට ටිනර් මුසු වී සිසුවියන් 4ක් රෝහලේ

 (ජේ.කේ.එල් චාමින්ද)
 
හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනෙකු විසින්  පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් රෝගී වීම නිසා එම සිසුවියන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
 
මෙම සිසුවියන් සිව්දෙනා පාසල් කාලය තුලදි දිවා අහාරය ගැනීමෙන් පසු නිවෙස්වලින් රැගෙන එනු ලැබු බෝතල්වල තිබු ජලය පානය කොට ඇත.ඒ සමග ඇතිවු  රෝගි තත්වයක් හේතුවෙන්  මෙම සිසුවියන් සිව්දෙනා  කරාපිටිය ශික්ෂණ රෝහලේ 35 වාට්ටුවට ඇතුලත් කර ඇත. සිසුවියෝ සිව්දෙනා 10 වසරේ ඉගෙනු ලබති.
 
සිසුවියන් විසින් ජලය රැගෙන එනු ලැබු බෝතල්වලට  කිසියම් අයකු විසින්  ටිනර් දැමුවාද යන්න පිළිබද  පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත. ඒ අනුව එක් සිසුවියකගේ බෑගයේ ටිනර් බෝතලයක් තිබී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් මෙකි සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි ඇය පවසා ඇත්තේ  තමන්ගේ බෑගයට කිසිවකු විසින්   ටිනර් බෝතලයක් දමා ඇති බවය.
 
මෙම සිසුවියන් සිව් දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (0)

පානීය ජලයට ටිනර් මුසු වී සිසුවියන් 4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site