(මනෝප‍්‍රිය ගුණසේකර)
පාතාල නායක පාමංකඩ අශෝක නමැත්තා සමඟ එක්ව දෙල්කඳ ප‍්‍රදේශයේ දී මිනීමැරුම් සිදුකළ පාතාල නායකයකු ඇතුළු පුද්ගලයින් සය දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම් නියම කළේය.
ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණ සිරමැදිරිය තුළ ක්ලේමෝ බෝම්බයක් අටවා දුරස්ථ පාලකයක් මඟින් පුපුරුවා හැර මරා දැමු පාමංකඩ අශෝක නැමැත්තාගේ විරුද්ධවාදී පාතාල නායකයා ඇතුළු සයදෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මරණ දඬුවම් නියම කෙරිණි.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ පාමංකඩ අශෝක නැමැති පාතාල නායකයාගේ ගෝලයින් බව කියන සම්පත් ප‍්‍රනාන්දු හෙවත් චම්පික සහ එම්.එස් සුරන්ත පෙරේරා හෙවත් ආමි මල්ලී නැමැත්තාටය.
1999 සැප්තැම්බර් මස 18 වැනිදාත් සැප්තැම්බර් මස 25 වැනිදාත් අතර කාලය තුළ ගංගොඩවිල ප‍්‍රදේශයේ දී යු. ඩී. දිලන්ත සමන් කුමාර නමැත්තා ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු විය.
2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාලයේ දෙදෙනෙකුට මරණ දඬුවම
ravi Thursday, 10 January 2019 12:20 PM
මරණීය දණ්ඩනයට නියම වුවන්ගෙන් බන්ධනාගාර පිරිලා. දැන්වත් එක්‌කෙනෙක්ට දෙන්නෙක්ට දඬුවම් දුන්නනම් අනිත් අයට ඉගෙනගන්න එක්ක ... හොඳයි නේද .
Shantha Thursday, 10 January 2019 12:34 PM
37 ක් මරපු කොටින්ට සිර දඩුවම් පමණක් ලබා දී, එයද වසර පහකින් ගෙවි යන ලෙස මහා අධිකරණය නියම කලේද අදය. කොහොමද ඒක..