(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්හැර දමන ලද පතලකට වැටී සිටි කුකුළන් දෙදෙනෙකු බේරාගැනීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයන් අවිස්සාවෙල්ල පදිංචි 17, 25 සහ 27 හැවිරිදි අය බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකු ඊයේ රාත්‍රියේ පතලට බැස කුකුළන් බේරාගැනීමට තැත් කිරීමේදී ඔහු සිහිසුන්වී ඇති අතර, අනෙක් දෙදෙනා ඉන්පසු ඔහු බේරාගැනීමට බසින්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තෙවන පුද්ගලයා අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



(අනතුරින් මිය ගිය තිදෙනා )


( ඡායාරූප - බුද්ධික කුමාරසිරි )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතල්වල කාබන් මොනොක්සයිඩ් විෂවායු තිබෙනවා. සිහිසුන් නැතිවෙන්නේ ඒකයි. එයාව ගන්න, බහින්න ඕනෑ ඔක්සිජන් මාස්ක් දාගෙනයි. අපරාදේ පොඩි ළමයි...