IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


පොඩි ලැසි යළි රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
බුස්ස බන්ධනාගාරයේදි ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2වන සැකකරු ලෙස දරුණු ගණයේ අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලිමක් සළකා බැලු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ  කැකුණවෙල මහතා සැකකරු එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කොට තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් අද (17) නියෝග කළේය.
 
ඉකුත් 8වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත්අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවන් වන ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි යන දෙදෙනා ජනාධිපතිවරයාටත් ආරක්ෂිත ලේකම්වරයාටත් බන්ධානාගරයේ උසස් නිලධාරින්ටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කර ඇති බවය.
 
ඒ අනුව පොඩිලැසි නමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනිමටත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
ඒ අනුව බන්ධානාගරයට ගොස් ප්‍රකාශ ලබා ගැනිමටත් ඔහු 25වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහසේත්‍රාත්වරයා එදින නියෝග කළේය.
 
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා විසින්  ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව පොඩි ලැසි අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
 
එහිදි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස පොඩි ලැසි නමැත්තා නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඒ අනුව පොඩි ලැසි නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කොට ඔහු තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගරයේ තැබිමටත් මහෙස්ත්‍රාත්වරයා නියේග  කළේය.
 
අද  උදැසන සිටම ගාල්ල කොටුව බාල දක්ෂ මාවත සහ අධිකරණ සංකිර්ණය අසල දැඩි ආරක්ෂාව යොදවා තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි රැකවල් මැද පොඩි ලැසි අධිකරණයට රැගෙන එනලදි.
 
අධිකරණය පටන් ගැනිමෙන් පසු ආරම්භයේදිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබු මෝසම කැඳවනු ලැබු අතර සුදු  පැහැති ඇඳුමකින් සැරසි කොණ්ඩය උටඩ බැඳ සිටි  පොඩිලැසි බන්ධනාගාර නිලධාරින් විසින්  විත්තිකුඩුවට නංවන ලදි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රකාශ කිරිමෙන් පසු විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දැඩි රැකවල් මැද පොඩි ලැසි  බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා ගෙන යන ලදී. 
 

 

 



අදහස් (3)

පොඩි ලැසි යළි රිමාන්ඩ්

Kamal Koyrala Thursday, 17 September 2020 06:10 AM

නීතිය අනුව දඬුවම් ලබාදීම බොහොම හොඳයි.

:       3       29

විජේ Thursday, 17 September 2020 07:32 AM

මෙයා ටිකක් හොඳයි.

:       33       1

Raveendra Thursday, 17 September 2020 10:03 AM

මේ කාලකණ්ණින්ට ජීවත්වීමට විනාඩියක් හෝ ලබා දෙනවා යනු දුප්පත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් ශතයක් හෝ නිරපරාදේ අපතේ යනවා නොවේද? එය තමන් උපන් රටට හදවතින්ම ඇලුම්කරන නිලධාරීන්ට කළහැකි දෙයක්ද? එබැවින් මෙම පාපතරයන් වෙනුවෙන් ගතයුතු තීරණ ජාතිජාතිත් පිං සිද්ධවන කරුණු කාරණාය.

:       0       262

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන
2024 සැප්තැම්බර් මස 10 32 0

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහ


රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
2024 සැප්තැම්බර් මස 09 1514 0

රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.


පාසල් 20 වැනිදා වහයි
2024 සැප්තැම්බර් මස 09 671 1

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට
2024 සැප්තැම්බර් මස 09 1356 1

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 09 1352 4

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ
2024 සැප්තැම්බර් මස 09 3491 10

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site