IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පූජිත ගොනු කළ දිවුරුම් ප‍්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න නියෝගය හෙටට කල්යයි

(රංජන් කටුගම්පොළ  සහ තිළිණි ද සිල්වා)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන්ට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති දිවුරුම් ප‍්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම හෙට (05) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

මෙම දිවුරුම් ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ආකාරයෙන් අධිකරණයට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නීතිඥවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

පාස්කු දින ත්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාලව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා සම්බන්ධයෙන් අසත්‍ය පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවත් එය වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී.

නීතිපතිවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ පාස්කු ඉරුදින එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) යළි සලකා බැලූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන  මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති 51 උල්ලංඝනය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප‍්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා  වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය දේශපාලන වේදිකාවක් නොවන බවය.

එම චෝදනා අපරාධමය ස්වරූපයේ චෝදනා යැයිද නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් ඇති දිවුරුම් ප‍්‍රකාශයෙන් තමන් ජනාධිපති හා බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කොට තමා එම තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් සිදු කරන බව සඳහන් කොට ඇතැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන් එම චෝදනා අසත්‍ය බවත් පදනම් විරහිත සහ ද්වේෂ සහගත එකක් යැයි ද හෙතෙම කීය.

තමන් අපක්ෂපාතී  ස්වාධීන නිලධාරියෙක් යැයි නීතිපති විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම දිවුරුම් ප‍්‍රකාශය සැකසීමට නීති උපදෙස් දුන් නීතීඥ විරාන් කොරයා මහතාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මේ සම්බන්ධයෙන් තමා විරෝධතා දක්වන්නේ යැයිද නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිපතිගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනාඩි 15 කට කල් තැබීමට හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළ අතර ඉන්පසුව රැස්වූ එම විනිසුරු මඩුල්ල නීතීපතිගේ එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම හෙට (05) කල් තැබිණි.

මෙම දිවුරුම් ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ආකාරයෙන් අධිකරණයට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නීතීඥවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේය.

 

 

 



අදහස් (0)

පූජිත ගොනු කළ දිවුරුම් ප‍්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න නියෝගය හෙටට කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site