IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද (02) දා සිදු කෙරුණි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අයුර්වේද රෝහල් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද රෝහල ලෙස මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට මෙසේ පත් කෙරිණි .

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ අදහසකට අනුව නිර්මාණය කළ සුවධරණී ජංගම දුරකථන ඇප් එක හඳුන්වාදීම ද මෙහිදී සිදු කළ අතර ඒ තුලින් රෝගියා රෝහල්ගත කළ මොහොතේ සිට පිටව යන මොහොත දක්වා රෝගියාගේ රෝග නිශ්චය කිරීම හා වෛද්‍යවරයාට එකම ස්ථානයක සිට සියලු කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාව ඒ තුළින් පවතී .

දේශීය ආයුර්වේද අමාත්‍යාංශය යටතේ රෝහල් 107 ක් ඇති අතර ඉන් රෝහල් 50 ක් මෙලෙස covid අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පත්කළ පත්කරන බවත් එතුළින් ඇඳන් 3500 ක් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ලැබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලාය .

මෙම නාවින්න ආයුර්වේද රෝහලෙන් පිරිමි ,රෝගීන් 65ක් ද, කාන්තා රෝගීන් 35 ඇතුළු රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට නියමිතය.

ඒ අතර ඇඳන් 10 කින් යුත් භික්ෂු වාට්ටුවකින්ද යුක්තය

 



අදහස් (1)

නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

kapila Thursday, 03 June 2021 11:48 AM

මේකට වත් බටහිර වෛද්‍ය විද්‍යාව හොටදාන්නේ නැතිව හිටියොත් හොඳා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 367 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site