
(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු පැන ගොස් සිටියදී මන්නාරම් දුම්රිය ස්ථානය අසළදී සොයා ගත් බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් ඊයේ (12) දින උදෑසන පැන ගොස් සිටි අතර එම පුද්ගලයා මන්නාරම දුම්රිය ස්ථානය අසළ දී සොයාගැනීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවරක් වශයෙන් මන්නාරම් දුම්රිය ස්ථානය හා එහි කාර්ය මණ්ඩලයේ සියල්ලක්ම විෂබීජහරණය කිරීමට පියවර ගත් බව මන්නාරම් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.
වව්නියාව පම්පමඩුව නිරෝධායන කඳවුරෙන් මෙසේ පැන ගොස් තිබුණේ කටාර් සිට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කොළඹට රැගෙන ගිය බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
606
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායන කඳවුරෙන් පැනගිය අය මන්නාරමේදී හමුවීමෙන් දුම්රියපොළ විෂබීජානුහරණයට