IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිරිත දිග මෝසම සමඟ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් මුහුණදීමට සැලැස්මක්

(ඩයනා උදයංගනී)

මෙම මස අගදී සක‍්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමග ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ එයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
සෞඛ්‍ය අංශ සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ උපදෙස් පරිදි මෙම සැලැස්ම සකස් කළ බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
 
නිරිත දිග මෝසම මෙම මස අගදී සක‍්‍රීය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇති බවත්, සාමාන්‍යයෙන් නිරිත දිග මෝසම් සමයේදී ගං වතුර, තද සුළං හා නායයෑම් වැනි ආපදා ඇතිවිය හැකි නිසා මෙම සැලසුම සකස් කළ බවත් කොඩිප්පිලි මහතා සදහන්  කළේය.
 
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් පීඩාවට පත්වන ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට යොමු කිරීම, ඒවායේදී ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම ආදිය කෙරෙහි මෙහිදී වැඩි අවදානයක් යොමු කළ බව ද ඔහු කීවේය.
 
ඒ අනුව කිසියම් නායයෑම් හෝ ගංවතුර අවදානමක් පවතින්නේ නම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවන තුරු නොසිට ඊට පෙරම අවදානම් සහිත ජනතාව ඉවත් කිරීමටත්, ඔවුන් ඥාතීන්ගේ නිවෙස් වෙත හෝ ඉඩකඩ ඇති පරිදි ආරක්‍ෂිත ස්ථානවලට යොමු කිරීමටත් පියවර ගන්නා බව කොඩිප්පිලි මහතා පැවසීය.
 
විශේෂයෙන්ම ඔවුන් රදවන ස්ථානවල සෞඛ්‍යාරක්‍ෂිතව ආහාර ලබාදීම, නිදාගැනීමේදී නියමිත පරතරයක් තැබීම, අත් සෝදාගැනීමේ පහසුකම් සැලසීම, විෂබීජ නාශක ලබාදීම ආදී කටයුතු සිදුකරන බව ද ඔහු කීවේය.
 
මෙන්ම එම පහසුකම් සැලසීම ස`දහා අදාළ අංශ සූදානම් කරවීම මේ වන විටත් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

නිරිත දිග මෝසම සමඟ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් මුහුණදීමට සැලැස්මක්

disaster Wednesday, 13 May 2020 03:38 AM

ගම්වල කතාවක් තියෙනවනේ වඳුරො වැස්සට ගෙවල් හදනව වගේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 64 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site