
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයටගෙනා ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා රුපියල් කෝටි 13 කට වැඩි ආදායමක් රජයට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) වාර්තාවේ සඳහන්වේ .
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතන රැසකින් පසුගිය වසරේදී පද්ධති දෙකක් හරහා රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබුණත් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(6)පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.
මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය .
කාරක සභාව සිදුකළ රාජ්‍ය ආයතනවලට අදාළ විමර්ශන 16 ක තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වන බවත් මෙම විමර්ශනවල තොරතුරු දැකගන්නට ලැබීමෙන් තමා විශ්මයට පත්වූ බවත් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(6) පැවැසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලෙජසි පද්ධතියට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනිදා වන විට හඳුනාගත් ආයතන වලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් රුපියල් කෝටි 1800 ක් බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවේ දැක්වේ. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් කෝටි හතළිස් දෙකක් පමණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රමිස් පද්ධතියට අනුව එදිනට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් කෝටි 8700 කි. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් කෝටි 400 ක් පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර රටේ පොදු ජනතාවගේ විශේෂ සාකච්ජාවට ලක්වූ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ වර්තමාන තත්වය සහ අලි මිනිස් ගැටුම වැනි කාලීන ගැටලු පිළිබඳවද මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු කාර්‍යභාරයක් සිදුකරන ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය තාක්ෂණික උපකරණවල අඩුපාඩු පවතින බවත් මාර්ග අනතුරු අඩකින් පමණ අඩුකර ගැනීමට ඇති හැකියාව මෙම අඩුපාඩු නිසා අහිමිවී ඇති බවත් කෝපා වාර්තාව සඳහන් කරයි.
එමෙන්ම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද එම කාරක සභාව පෙන්වා දෙයි. තවද අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස එක් එක් ප්‍රදේශ වලට ගැලපෙන ආකාරයට මිශ්‍ර යෝජනා සහිත මතය අනුගමනය කිරීමේ හැකියාවක් පවතින බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වර්තාවේ සඳහන් වේ.
වෛද්‍ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ගම වටා වැට ඉදි කිරීමේ ක්‍රමය වියදම් අවම දැනට සාර්ථකත්වයක් ලබා ඇති එකක් බවත් අලි වැට නඩත්තුව සඳහා ගම්මුන්ගේ මූල්‍ය දායකත්වය ලබා ගැනීමේ වැදගත්කමද මෙම වාර්තාවෙන් අවධාරණය කර ඇති බවත් කෝපා කමිටුව පවසයිවාර්ෂිකව රාජ්‍ය ආදායමෙන් සියයට 10 ට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වැය කළද ඇතැම් පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බවද කාරක සභා වාර්තාවේ සඳහන් කර ඇත.
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ දැඩි විසමතාවක් පවතින බවත්, එම තත්ත්වය ඉවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත් කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එමෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨවල උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නා බැවින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවද කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමු යමු ඔහොම .පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද ?ඕවට ගන්න ඇක්ෂන් ගැන .කමිටුවක්ද ?
කලා උපාදිදාරීන්ගෙ රැකියා වියුත්තිය වැඩි වෙනවනම් කරන්න තියෙන්නෙ එහෙම උපාදි දෙන එක අඩු කරන එක නේද? ඒ වෙනුවට තාක්ශනික විශය දාරාවන් වැඩි කරන එක තමයි කරන්න ඕනෙ. අනික O/L පාවෙද්දි ලමයින්ට කියන්න ඕනෙ තාක්ශනික විශයදාරාවන් තෝරාගන්න කියල. ඊලග එක තමයි කලා වලින් බාහිර උපාදි දෙන එක නවත්තන ඕනෙ. ඒ වෙනුවට තාක්ශනික බාහිර උපාදි පාටමාලා ආරම්භ කරන්න ඕනෙ. උදාහරනයක් විදියට O/L පාස් වෙන ලමයින්ගෙන් ගොඩක් ලමයි විද්‍යා විශය දාරාවන් කරල විභාගේ ෆේල් වෙනව. නමුත් එයාලට හොදට O/L ප්‍රතිපල තියෙනව, තොරතුරු තාක්ශනය වගේ විශයදාරවන් වලට බාහිර උපාදි පාඨමාලා තිබුනොත් ඒ අයට ඒ වගේ පාඨමාලා කරන්න පුලුවන්. තොරතුරු තාක්ශන පැත්තෙන් ඕනෙ තරම් රස්සා තියෙනව. වැඩකට නැති කලා උපාදි වෙනුවට ඕනෙ තරම් රැකිය තියෙන තොරතුරු තාක්ශනය වගෙ එව්ව ගේන්න ඕනෙ. එතකොට ලමය දක්ශනම් හැකියාවක් තියෙනවනම් එයාලට මේ රටේ නැත්තම් වෙන ඕනෙම රටක රස්සාවක් කරන්න පුලුවන්.
අපෝ ඇති යන්තම් ,අපි හිතුවේ කෝටි 30 ක් කියලයි .13 ක් නම් ගානක් නැහැ .අපේ අප්පච්චි ඕක හොයලා දෙයි
ලාබ තිබ්බ එක ටෙන්ඩරයක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .හොඳම දේ තමා ඕවා එලියට දාන්නේ නැතුව ඇතුලෙම විසඳගන්න එක .අපරාදේ අපේ ඇඟේ තියන ලේ ටිකත් පිච්චෙනවා .
අපිට පාඩු වුනාට කමක් නෑ ඔයාලා පාඩු කරගන්න එපා. නැත්නම් අර පැන්ඩෝරා කාරයෝ පවු.උන්ට ලියන්න දෙයක් නැතිවෙනවා
ගසාකෑමට තවත් වචනයක් "රජයට පාඩුව"
රජයට පාඩු කෙරුවේ අපිද ? නිසි කලට බදු ගෙවන පුරවැසියන්ගෙන් මෙසේ කාරුණිකව ඉල්ලා සිටින්නේ අද සිට විදුලිය පාවිච්චි නොකර කළුවරේ සිටිමින් මීට පෙර විදුලි බිලේ ප්‍රමාණය ගෙවන මෙන්.එවිට මෙසේ පාඩු නොවෙනු ඇත.
මට නම් වෙලාවකට හරිම පුදුමයි, කොහොමද මේ රට මෙහෙම හරි දුවන්නේ කියලා. ආනයනවලට ගෙවන්නේ ඩොලර් හිඟාකාලා. ණය පිට ණය වෙලා ඉන්නේ. ආදායම මදි ණය පොළියවත් ගෙවන්න. ඒ මදිවට රජයේ බදු ආදායමෙන් 25% වත් එකතු කර ගෙන නෑ. මෙහෙම රටකට පැවතිය හැකිද???
ගැහිල්ලම තමයි , මේ රට විනාශයි.
කිසිම උගත්කකමක්, සුදුසුකමක් නැති අය කිට්ටු කරගෙන කටයුතු කරන එකේ විපාක . හොරකම්,වංචා ,දූෂණ අතින් නම් ඉහළින්ම සමත්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව ලැබිය යුතු ගණන 8700 කින් අය කර තිබුනේ 400 පමණි මෙම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල වලට අනෙක් රජයේ සේවකයින්ට මෙන් වැටුප් හා දීමනාත් දීමනා නොමැතිව මාස දහයක වැටුපකුත් දෙනවා නමුත් රාජකාරි කරන හැටි මෙහෙමයි ඒ අතර සමහරක් ඉහළ දේශපාලුවො තම තමන්ගෙ යාලු මිත්‍රයින්ට ගෙවීමට නියමකල බදු මුදල් කපන්න කටයුතු කරනවා කියලා අසා තියෙනවා වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමරුව කිව්වලු .
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාව මේ මොහොතේ අපි ගෞරවයෙන් සිහිපත් කරමු. රටේ පැවති දුර්වල මුදල් පාලනය ගැන එතුමා බොහෝවිට විස්තර කළා. එයට වගකිව යුත්තන් ගැනත් ජනතාව දැනුවත් කළා. ඔහු ඉතා අවංකවයි කතා කළේ. ඒ වගේම අද අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ජ.වි.පෙරමුණත් ඉතා අවංකව මේ තත්ත්වය නිතරම පෙන්වා දෙනවා. අන්ත දුෂිතයන්ගෙන් විසඳුම් සොයන ජනතාවෙනි, මේ සියල්ලට වගකිව යුත්තේ ඔබයි. හැම විටම අප කණගාටු විය යුත්තේ බහුතර ජනතාව ගැනයි.
මම හිතුවේ යහපාලන ආණ්ඩු කාලේ වුණ එකක් කියලා...