IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රිමාන්ඩ්

(ඉෂාන් සංජීව සහ නිමන්ති රණසිංහ)

ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු  ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන  07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද  නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දින පහක් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු  අද රාතී‍්‍ර 7.00ට පමණ එලෙස අත්අඩංගුවට ගෙන රාතී‍්‍ර 9.00ට පමණ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

ඝාතන කුමන්ත්‍රණ  සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේතන්තුවට ඉකුත් 18 වැනිදා සිට අද  දක්වා සිට දින පහක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ   නාමල් කුමාර නම් පුද්ගලයෙකි.  නාමල් කුමාර රහස් පොලිසියට ඉදිරිපත් කළ හඬපට 124න් 123ක්ම කටහඬ නාලක ද සිල්වා මහතාගේ සහ නාමල් කුමාරගේ බවට සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.

ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල කර ඇත.

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (13)

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රිමාන්ඩ්

premathilaka Peramuna Thursday, 25 October 2018 05:09 PM

ලොව කල කල දේ පල පල දේ නිලය අනිසි ලෙස යොදා ගන්න මෙවන් නිලධාරීන්ට හොද පාඩම්

:       0       67

ranavi Thursday, 25 October 2018 05:27 PM

බල්ලොත් එක්ක බුදියගත්තම අනිවාර්යෙන්ම මැක්කොත් එක්ක නැගිටින්නම වෙනවා. මැක්ක කොහොමත් විනාශ වෙලා බල්ලෝ යහතින් වැජඹෙනවා.

:       1       55

sanath Friday, 26 October 2018 01:22 AM

රෝහලට සහ මාසයකින් දෙකකින් ඇප

:       1       36

Nilu Friday, 26 October 2018 01:36 AM

අනවශ්‍ය වැඩකට සම්බන්ද වී නම කැත කරගත්තා නේද?

:       31       101

Samathasena A . Aluthgamage Friday, 26 October 2018 02:51 AM

සසරක හැටි. කොහොම හිටපු කෙනෙක්ද මේ. යමෙක් මරණ චේතනාවෙන් සිටියහොත්, ඒ අවස්තාවන් වලදී කුරා කුහුඹුවන් පෑගුණු විට ප්‍රාණඝාත අකුසලය සම්පුර්ණ වෙන බව සිතන්නේ කීයෙන් කී දෙනාද ? මෙතුමා මේ ඝාතන සිදුකිරීමට සිතා සිටියානම්, ඒවා පාරේ යන කෙනෙකුට පවසන්නේ නැහැ. ඒවා පවසන්නේ එයාට උදව් ගතහැකි විශ්වාසවන්ත එවැනිම කෙනෙකුටයි. ඒ නිසා නාමල් යනු පිරිසිඳු සීලවන්තයෙක් වෙන්නටනම් බැහැ. මෙතුමාට දැන් තියෙන්නේ මෙයට නාමල්ගේ ඇති සම්බන්ධකම ගැන නිවැරදි තොරතුරු පැවසීමයි.

:       289       137

ලසන්තFriday, 26 October 2018 11:15 AM

මිතුර, ඔබ නිවැරදි නොවේ. මරණ චේතනාවෙන් සිටියහොත් මැරුවත් නැතත්, එයම අකුසල කර්මයක් වේ. චේතනා හං භික්ඛවේ කම්මං වදාමි...

:       3       16

Samathasena A . Aluthgamage.Saturday, 27 October 2018 05:06 AM

මිතුර ලසන්ත, ඔබද නිවැරදියි. ඒත් මරණ චේතනාවෙන් සිටිනාවිට කුහුඹුවන් පෑගීමෙන් ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වෙයි. මරණ චේතනාවද අකුසලයකි.

:       0       1

Thilak Friday, 26 October 2018 03:48 AM

වැරදි කර ඇත්නම් උපරිම දඬුවම් දිය යුතුයි..............

:       0       85

ගල්කටස් Friday, 26 October 2018 04:07 AM

කෙකර ගාලා කෙකර ගාලා යාන්තම් බිත්තරය දැමීම කියහංකො .... දෑස් දල්වාන බලා සිටින්න මීලග කොටස මග........

:       67       130

sam Friday, 26 October 2018 04:58 AM

දැන් නියෝජ්‍ය පොලිස්පති වෙන්නේ කොහොමද? නාලක ද සිල්වා නේද ?

:       84       239

ආරියපාල හේවගේ Friday, 26 October 2018 07:52 AM

ලේකය දියුනු වන විට නීතිය ද දියුණු වේ යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එම නිසා ප්‍රසිද්ධ දේශපාකයන් , ඉහල තනතුරු දරණ නිළධාරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අපේ රටේ නීතියේ එක් අංගයක් දියුණු වීමකි. ලෝකය දියුණු වෙමින් තිබෙන නමුත් අපේ රට නොදියුණු වෙමින් තිබෙන තත්වයකදී උවත් පුද්තගලයාගේ තරාතිරම නොබලා දඩුවම් දීම ගැන පුදුම වි යුතු නැත.

:       42       60

sampath Friday, 26 October 2018 09:12 AM

මහතා කියලා දාන්න එපා. සිංහල ත්‍රස්තවාදියෙක් නේ මොනවා වුණත්....

:       79       161

කසුන් Friday, 26 October 2018 11:17 AM

ඊළඟට බලන්නේ කොහොමද? මෙයාව මේ තත්වයට පත් කරපු කෙනාව ඇතුළට ගන්නේ කොහොමද කියලා !!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 871 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 976 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site