


(ශාන්ත රත්නායක)
වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නැවත වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙස බල කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (24) පස්වරුවේ පැවැත්විණි.
එහිදී වරාය අධිකාරියේ වාත්තීය සමිති 23 ක් පමණ සාමාජිකයින් සංදේශයක් බාරදීම සදහා වරාය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනේ, ඔබලාගේ සටන ජයග්‍රහණයෙන් අවසන් වේවා, ඔබ සැමට ජයවේවා...!!! රට විකුණන් කන්නන්ගේ යුගය අවසන් වී ජාතික ආර්ථිකයක් ඇතිකොට නැවත අපේ රට හිස ඔසවන තත්වයක් ඇතිකිරීමට ඔබේ දායකත්වය ඉතාමත් වටිනවා. කවුරු අකමැති වුණත් ඇත්ත තත්වය නම් නැවතත් ව්‍යාජ "ගෝලීය ආර්ථිකය" හිස ඔසවන්නේ නැති බවයි. ඔබ සැමට ජයවේවා..!!! අපේ රටේ, අපේ වරායේ අයිතිය අපේ විය යුතුයි. එහි අයිතිය ඉන්දියන් කාරයින්ට, චීන්නුන්ට, ජපන්නුන්ට ලබාදෙන්න දේශපාලුවන්ට ඇති අයිතිය කුමක්ද..? දේශපාලුවෙක් කියන්නේ අවුරුදු 5කට මහජනතාව විසින් රටේ පරිපාලනය තාවකාලිකව බාරදෙන, රට ප්‍රවේශමෙන් ආරක්ෂාකොට නැවත අවුරුදු 5කදී ජනතාවට බාරදීමට තාවකාලිකව ජනතාව පත්කළ පුද්ගලයෙක් පමණයි. එහෙම නැතුව චීනාටයි, ඇමෙරිකන් කාරයාටයි, ඉන්දියන් කාරයාටයි රට කෑලි කෑලි කඩා විකිණීමට ඔබට කිසිම බලයක් හෝ අයිතියක් නැත. එවැනි ද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ මරණ දණ්ඩනයයි.
මොන සන්දේශ දුන්නත් ඕක දෙනවා ඡන්දෙන් පස්සේ... ඊට පස්සේ ගුටි තමයි...
ඒ පර්යන්තය හදන්න කලුගල් ඕනෑ නේද? මේ කට්ටිය අරන් ගිහින් කලුගල් කඩන්න දැම්මා නම් පරියන්තයේ ඉක්මණට පටන් ගන්න තිබුණා...
මේ විරෝධයට සම්පූර්ණ සහයෝගය දෙනවා. වහල් ආණ්ඩුව නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ගහපු ගිවිසුමට එරෙහි සිංහල බෞද්ධයින් මේ ආණ්ඩුව පත් කලේ එම ගිවිසුම අහෝසි කරයි සහ ක්‍රියාත්මක නොකරයි කියන බලාපොරොත්තුවෙන්. දැන් මෙතන මෙහෙයුම් නවත්තලා තියෙන්නේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීලම දාන්නද? දැන් වහල් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ගැණත් ගිවිසුමක් අත්සන් කළා කිව්වා. අගමැතිතුමා ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දීය අගමැතිටම කිව්වා කිව්වා ගිවිසුමක් අත්සන් කළාට මත්තල ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා. වහල් ආණ්ඩුව පලාලි ගුවන් තොටුපොලත් ගැන ඉන්දියාවත් එක්ක ගිවිසුමක් තිබුණා. නමුත් දැන් එය සිද්ධ වෙන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටියට විතරක් මේ වෙන වෙනස මොකක්ද? බන්දුල ගුණවර්ධන කිව්වා ආණ්ඩුව චිත්තවේගී වෙලා වැඩ කරන්නේ නැහැ කියලා. ජනතාව රට, ජාතිය ගැන චිත්තවේගී වෙන එක වරදක් වෙන්නේ කොහොමද? මිනිස්සු එහෙම නොවුණා නම් අද රටක් ඉතුරු වෙන්නෙත් නැහැ. මේ ගොල්ලන්ට බලය ලැබෙන්නෙත් නැහැ. වහල් ආණ්ඩුව රටේ සම්පත් විකිණීමට එරෙහි වූ ජනතාවගේ ආවේගය නිසා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුනේ.
අනේ ඡන්දෙට කළින් කිව්වේ නම් යහපාලන ආණ්ඩුව තමයි රටේ සම්පත් පිටරටට විකුණන්නේ කියලා. දැන් මේ ආණ්ඩුව කරන්නෙත් ඒකමනේ. අහෝ ! 69 ලක්ෂයක් පැතූ වෙනස....
වර්තමානයේ ලෝකේම ‘‘කොරෝනා‘‘.. ලබන මාසේ අපේ රටෙන් පටන් ගන්නවා. ‘‘ලෙලෝනා‘‘ එතකොට ඔයකවුරුත් යටත්වෙලා සුනඛයන් වගේ නැට්ට වනාගෙන ඉඳියි.