(අමදෝරු අමරජීව)
නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත තුළ පවත්වනු ලබන රාජ්‍ය උත්සව වලදී ආණ්ඩුකාරවරයා පිළිගැනීම සඳහා මල්මාලා පැලදවීම, උපහාර සළු පැලදවීම හා සමරුතිලිණ ලබාදීම නවතාලමින් ආණ්ඩුකාර කාර්යාලය පළාත් රාජ්‍ය ආයතන වෙත නිවේදයක් නිකුත් කර තිබේ.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්,අමාත්‍යාංශ සියලු ලේකම්වරු ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතාගේ අත්සනින් යවා ඇති ලිපියේ මේ බව දන්වා තිබේ.
අදාල නිවේදනයෙන් තවදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුකාර ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ලබාදුන් උපදෙස් අදාල පිළිගැනිමේ උත්සවවලදී මල්මාලා පැලදවීම,උපහාර සළු පැලදවීම හෝ සමරු තිලිණ ලබාදීම නොකරන ලෙසය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසුවේ ආණ්ඩුකාරවරයා ලබාදුන් උපදෙස් මත අදාල නිවේදනය සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන් බවයා.
අදාල උපදෙස් අනුව කටයුතු කරන්නැයි විශේෂ නිවේදනයේ දන්වා ඇති බවද ආණ්ඩුකාර ලේකම්වරයා කීය.
COMMENTS
ආයෙත් කොච්චර කාලයකට කියලා ඔතැන වැජඹෙන්නද?
ඇති යාන්තම් එක්කෙනෙක් හෝ වැඩේ පටන් ගත්තා. ඇත්තෙන්ම මෙය වියයුතුව තිබුනේ දශක ගණනකට පෙරයි. පමාවී හෝ මෙම මහජන මුදල් නාස්තිය අඩුතරමින් එක් අයෙකුවත් තේරුම් ගැනීම ඉතා අගනේය. "දියවන්නා ඔය පිස්සන් කොටුවේ පිස්සන් 225ටත් " මෙය ආදර්ශයක් වේවා...!!! මෙම අදහස් කියවීමට වාසනාව ලැබේවා...!!!
ඡන්දෙ ළඟයිනේ. එ්කයි. ඡන්දෙ ඉවර වුණාම පහුගිය එව්වටත් එක්කල අල්ලයි.
එහෙම තමයි කලෙත් රට භාර ගත් දවසෙත්
එතකොට සිංහ කොඩියක්වත් එපාද...?
පිස්සුද? මේ බයට... දේශපාලකයන් කරන ජඩවැඩ හින්දා මැරෙන්න බයයි. ලෝකයේ හැමතැනම තියනවා ඔය කියන මල්මාලා, සළු සමරු තිළිණ එක්ක වසවිස එවලා...
නිකම් බොරු සෝබන එපා. මෙයාගේ පුතාට එරෙහිව නඩුවක් යනවනේ... වාලච්චේන පූනානේදී ඉදිකරන විශ්ව විද්‍යාලයෙන් යන්ත්‍ර, උපකරණ පැහැර ගෙන ගියා කියලා. මල්මාලා නොවේ කතාව... බොරු නිරීක්ෂණ චාරිකා, නිල නිවාස ඇතුළු අනවශ්‍ය වියදම් සීමා කරන්න.
මේවා හොඳ වැඩ. නමුත් මේවා හුදු දේශාපලන රඟපෑම් විතරමයි. රුපියලක් අඩුකර රුපියල් සියයක් වැඩි කර ගනීවි. අපි දන්නේ නැත්ද අම්බරුවන්ගේ තරම...? වන්දි භට්ටයොත් "ෂා" නියම ආණ්ඩුකාරවරයා කියන්න එපාද? කුහකත්වයෙන් කියනවා නොවෙයි. මේවා ජනමාධ්‍යයේ ප්‍රචලිත කරන්න තරම් දේවල් නොවෙයි.
ඇත්තටම මොන බම්බුවකටද මේ රටේම ඉන්න දේශපාලකයින්ව අපි මල්මාලා දාලා පිළිගන්නේ? උන්ටම තේරෙන්නේ නැද්ද ඒක ගොනාට අන්දීමක් කියලා. අනික රජයේ සේවකයින් වගේ ඔවුනුත් කිසියම් ස්ථානයකට යන්නේ තමන් කිරීමට නියමිත කාරියක් කිරීමටය. එසේනම් මොන බම්බුවකටද බෙර ගහලා නැට්ටුවෝ සමග වඩම්මාගෙන යන්නේ? ඉස්ලාම් ආගමට අනුව මෙවැඩ "හරාම්" නිසා මේ ආණ්ඩුකාරයාට මෙවැනි පිළිගැනීම් ලෙහෙසියෙන් ඉවත දමන්න පුළුවන්. සිංහල දෙමල දේශපාලක ගොයියෝ තමයි මෙහෙම ලෙහෙසියෙන් අන්දන්න පුළුවන්...
කවුරුහරි හොඳ වැඩක් කරනවා නම් පිළිගන්න, බොරුවට කෑගහන සමාජයක් මේ සමහර අදහස් දාන අය
යමක් කිරීමට උත්සහ කිරීම කිසිවක් නොකර සිටීමට වඩා අගනේය. මේ බව නොදන්නා අය විවේචනය පමණක් තම ස්ලෝගනය බවට පත්කරගෙන සිටින අයුරු දැක ගත හැක.
විනිතා, ඔබ හරි. හොද වැඩක් නම් අපි ප්‍රශංසා කල යුතුයි. ඒකේ දෙකක් නැහැ. නමුත් අපේ රටේ දේශපාලකයන් ගැන දශක ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාව වන අපිට ඇති වැටහීම සුළුවට තකන්න බැහැ. දේශපාලකයෙක් කිව්වම අපිට මුලිකවම මතක් වෙන්නේ කුමක්ද? හොර කම හෝ අනුබල දීම, කපටි කම, මැරකම්, චන්ඩිකම යන එකී නොකී දෑ සමග ගෙවන සුපිරි ජීවිතය ගැන නොවේද? හොද දෙයක්, හොද ක්‍රියාවක් නිකමටවත් මතක් වෙනවද? කීයෙන් කී දෙනාද දේශපාලනය ගැන කතා කරන්න කැමති. ජනතාවට එතරම්ම දේශපාලනය එපා වෙලා. අපිටත් මටත් එපා වෙලා තියෙන්නේ. නමුත් අපි අපේ රටට ආදරය කරන නිසා යම් කිසි අදහසක් දානවා. එය වැරදි කෝණයෙන් බලන්න එපා. ඕනෙම දෙයක විවේචන කරන තරමටම එයට තියෙන ජනතා ආකර්ෂණය වැඩියි. අපි අපේ රටට තියන ආදරය සහ හැගීම මේ දේශපාලකයන්ටත් තිබුනානම් අපේ රට ගොඩක් ඉස්සරහට ගිහිල්ල. අපේ කරුමයට ඔවුන්ට නැත්තෙත් එයමයි.