
(ප්‍රියාණි මංගලිකා)
නිකවැරැටියේ දානපතියන් පිරිසක් කොරෝනා රෝගීන් ගෙන් පිරීගොස් ඇති නිකවැරටිය මූලික රෝහලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර් තොගයක් අද දින පරිත්‍යාග කළහ.
මේ සඳහා වයඔ ග්‍රාමීය බැංකු සංගමය ,නිකවැරටිය ප්‍රාදේශීය සභාව , කොබෙයිගනේ පොලිස්ථානාධිපති ,නිකවැරටිය බුද්ධ්මා සමූහ ව්‍යාපාරය ,සහ ග්‍රීන්හට් සමූහ ව්‍යාපාර මේ සඳහා දායකත්වය සපයා තිබුණි.
නිකවැරටිය රෝහල් කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ඔක්සිජන් අවශ්‍යතාවයන් ඉහල ගොස් පවතින අවස්ථාවක අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැණීම සඳහා මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ලැබීම විශාල මාණසික සතුටක් බව එම පිරිස සඳහන් කළහ.
මෙම අවස්ථාවට නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධීකාරී වෛද්‍ය පමිල අධිකාරී ,රෝහල් කොරෝනා වාට්ටු බාර වෛද්‍යවරුන් වන වෛද්‍ය හේමන්ත විජේරත්න ,වෛද්‍ය අසංක හේරත් යන මහතුන් ඇතුලු රෝහල් වෛද්‍ය ,හෙද ,කාර්ය මංඩලද ,නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් .පි .පතිරණ මහතා ඇතුලු දානපතින් පිරිසද එක්ව සිටියහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.