IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නකල්ස් රක්ෂිතයට අවදානමක්


(ඉන්දික අරුණ කුමාර)
 
අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි  පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි දේශිය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.
 
පතන නැරඹිමට පැමිණෙන ඇතැම් පුද්ගලයින්  විසින් පරිසරයට මුදාහරින නොදිරන අපද්‍රවය මෙන්ම නිදැල්ලේ සැරිසරන ගව රංවු හේතුවෙන් හා පතනේ ගමන් කළ යුතු දිසාවන් අනුගමය නොකරමින් විවිධ පුද්ගලයින්ගේ අවිධිමත් සංචාරක කටයුතු ද පතනේ පැවැත්ම සදහා ඝෘජුව බලපෑම් එල්ල කරමින් පවතින බව දේශිය වනාන්තර සුරැකීමේ සංගමයේ සභාපති අතීක් නසීර් මහතා පවසයි.
 
ඒ මහතාගේ අත්සනින් යුතුව  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි.
 
එම මාධ්‍ය නිවේදනයට අනුව පිටවල පතනට පමණක් ආවේනික පතන් අල, නිල්මොණරැස්ස, කදුලැස්ස හා වටලැස්ස වැනි ශාක විශේෂ පිටවල පතනේ දී පමණක් හමුවන ශාක විශේෂ වෙයි.

වර්ෂ 1960  දී පිටවල පතන ප්‍රදේශයෙන් මුල්වරට හදුනාගෙන ඇති පතන් අල ශාකය මේ වන විට පතන ප්‍රදේශය ඉතා සුළු ප්‍රදේශයකින් පමණක් වාර්තා වන තත්ත්වයට පත්වී ඇති බව අතීක් නසීර් මහතා සිය නිවේදයෙන් කියා සිටියි.
 
පතනට පමණක් ආවේනික දුම්බර රළු ගල් පර මැඩියා ද රතු දත්ත වාර්තාවන්ට අනුව දැඩි ලෙස වදවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි.
 
පතනේ සීමත ප්‍රදේශයක රහසිගතව ජීවත්වන ගල්පර මැඩියන් තවමත් දැකිය හැකි බව අතික් නසිර් මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
 
සමස්ත ලෝකයෙන්ම පිටවල පතනේ දී පමණක් හමුවන සත්ව හා ශාක විශේෂ වලට අයාලේ යන ගවයින්ගෙන් සහ සංචාරකයින් අතින් සිදුවන හානි වලක්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර් ග ගන්නා ලෙස දේශිය වනාන්තර සුරැකීමේ සංගමය අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

නකල්ස් රක්ෂිතයට අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 214 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site