
(ඩයනා උදයංගනී)
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල හෙට (19) උදෑසන 7.30 තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන්ද අවදානයෙන් කටයුතු කළ යුතු බවත් එමශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බවත්, මෙම අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර අද (18) දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් පළාත් කිහිපයක වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිත්, වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිත් ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවන අතර උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට තරමක තද සුළං ඇතිවන බව ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්