(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, බලන්ගොඩ, ඉඹුල්පේ හා ඕපනායක යන ප්‍රදේශද, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, බුලත්කොහුපිටිය සහ කෑගල්ල ද, කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවරද, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ යාල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම අවදානම පවතින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව කළුතර දිස්ත‍්‍රික්කයේ මතුගම, දොඩන්ගොඩ, බේරුවල, කළුතර, හොරණ සහ පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පස් කඳු කඩාවැටීමේ අවදානමක් තිබෙන බව ද ඔහු කීවේය.
එබැවින් එම ප‍්‍රදේශවල කඳු,පෑවුම් ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද කොඩිප්පිලි මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්රික්ක 4ක් නායයෑමේ අවදානමක