IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


දේශීය ආදායම් ලොක්කෝ නායකත්ව පුහුණු සවාරියක

(යොහාන් භාසුර)

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම්දී තිබියදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් වැයකරමින් ලබන සති අන්තයේ දෙදින නේවාසික නායකත්ව පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ මට්ටමේ සහ අංශ භාර ප්‍රධානීන් ඇතුළු 100 දෙනෙක් පමණ සහභාගි වීමට නියමිත මෙම පුහුණු වැඩමුළුව අගලවත්ත ප්‍රදේශයේ නමගිය නිවාඩු නිකේතනයක ලබන 29 සහ 30 දෙදින පැපැවත්වීමට නියමිතය.

එම දෙපාර්තමේන්තුවේ බස් රථය සහ වෑන් රථ 5 ක් යොදාගනිමින් අගලවත්ත ප්‍රදේශයේ අදාල හෝටලය වෙත නිලධාරීන් ප්‍රවාහන කිරීමට කටයුතු යොදා ඇති අතර එම සියලුම නිලධාරීන්ට පදිංචි ප්‍රදේශයේ සිට ප්‍රවාහන පහසුකම් සපයයි.

කණ්ඩායම් මෙහෙයවීමේ හැකියාව ප්‍රවර්ධන කිරීමේ ක්‍රියාකාරකම් වැඩමුළුවට ඇතුළත්ව ඇති බැවින් සහභාගි වන සියලු දෙනා බොටම් කලිසමක්, කැන්වස් සපත්තු ජෝඩුවක්, ටීෂර්ට් එකක්, තොප්පියක් සහ පිහිනුම් ඇඳුම් කට්ටලයක් රැගෙන එන ලෙස ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම වැඩමුළුවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ද සහභාගි වීමට නියමිතය.

මෙම වැඩමුළුවට සුදුසුකම් ලබා සිටින නිලධාරීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉදිරි වසර දෙක හෝ තුන තුළ විශ්‍රාම ලබන නිලධරීන් බවත් වැඩමුළුවට සහභාගි වන බොහෝ නිලධාරීන්ට මාසිකව රුපියල් 75,000 ක ප්‍රවාහන දීමනාවක් ලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නායකත්ව පුහුණුවක් ලබාදෙන්නේ නම් අවම වශයෙන් ඉදිරි වසර 10 ක පමණ කාලයක් සේවය කළ හැකි නිලධාරීන් එයට සහභාගි කළ යුතු බවත් කොමසාරිස්වරු සහ ඊට ඉහළ නිලධාරීන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම නිෂ්ඵල ක්‍රියාවත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (5)

දේශීය ආදායම් ලොක්කෝ නායකත්ව පුහුණු සවාරියක

විපරමා Tuesday, 25 January 2022 05:14 PM

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ එක්තරා විදිහක හොර ගුහාවක්...

:       0       7

MO77 Tuesday, 25 January 2022 05:51 PM

රුපියල් 75000ක මාසික ප්‍රවාහන දීමනාවක්..? එහෙනම් ඔවුන්ගේ පඩිය කීයක් විතර ඇත්ද? දේශපාලනඥයින්ට එහා ගිය, රාජ්‍ය සේවකයින්... බැසිල් සහ කබ්‍රාල් IMF යන්න අකමැති ඔවුන්ගේ හා මුන්ගේ හොර නිසයි...

:       0       5

ලාල්Tuesday, 25 January 2022 06:50 PM

එච්චරයි කියලද හිතන්නේ, නැහැ මේ අයට මාසිකව ලැබෙන දීමනා හැර වැටුපට සමාන වැටුප් නවයක් පමණ ලබන වැටුපට අමතරව දෙනවා (හිටපු ලොක්කෙක් එයාගේ පළාත් පාලන ආයතනයක මුරකරු මස්සිනා (නංගිගෙ සැමියා) වෙනුවෙන් කලකට (2007දී පමණ ) පෙර තේ වත්තක් අරගෙන දුන්නා කියලා කතාවක් ඇහුවා)

:       0       1

ගජමිතුරු Tuesday, 25 January 2022 06:56 PM

ඕවා මොනවාද අගමැති පුද්ගලික ලේකම් හපුතලේ ලොකු ළමයා ජනාධිපතිවරයාට වැටුප් ගෙවන ගිණුමෙන් කෝටි ගණනක් හොර අත්සන් ගසා වංචා කළා කියලා පුවතක් දැක්කා...

:       0       2

FAIROOS Tuesday, 25 January 2022 07:46 PM

සර් දන්නේ පත්තරේ බලලාලු... දැන් ඕක සර්ගේ මැදිහත්වීමෙන් වළකයි කියලා හිතයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1042 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site