IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවකු ගත් බව  මාදම්පේ පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් කපුවා දුම්මලසුරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 8 හා 10 සිමාවල දරුවන් දෙදෙනකු සිටින විවාහකයකු බව කියයි.

සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම මව සමග ශාන්තිකර්මයක් කර ගැනිමට පැමිනි අවස්ථාවේදි මෙම අකරතැබ්බයට මුහුණ දි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත.

පොලිසිය අත් අඩංගුවට ගත් කපුවා තම මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක කලක සිට මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇති බව කියයි.

ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙසට කාන්තාවගේ මවට කපුවා පවසා තිබේ.

ඒ අතර අතතුරු මෙම කාන්තාවට ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණදුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ .

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් පසුව අනාවරණය වි ඇත්තේ මෙම කපුවා ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනකුට ලිංගික අතවර කිරීමට කටයුතු කිරීටම උත්සාහ කර ඇති බවටද වාර්තා වෙයි.

 



අදහස් (3)

දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු

fairoos Monday, 27 September 2021 12:25 PM

කපුවා කපෝති...

:       0       4

රට වැසියා Monday, 27 September 2021 01:14 PM

මෙය එක් සිද්ධියක් පමණයි... මෙවැනි දේ බොහෝ සිදුවුවත් වාර්තා නොවේ. මිථ්‍යාව ඇදහීම ඉතාම භයානකයි... ඊට නූගත්කම එක් වූ විට ඉතාම විනාශකාරී වේ!

:       0       7

Roshan Monday, 27 September 2021 02:50 PM

මෙය කපුවාට අවශ්‍ය නිසා කළ දෙයක් නොවෙයි, හැම කපුවාම එහෙමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site