තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දිවියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වතු අධිකාරිවරුන් සමඟ වනජිවි දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇති මදු ගැලවීමේ ව්‍යපෘතිය සාර්ථකව සිදුකරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ









COMMENTS
5 වෙනි පින්තූරයේ ඉන්න අපේ යාලුවාව දැකලා, සිත සතුටෙන් පිනාගියත්, අනෙකුත් පින්තූර දිහා බලද්දී මගේ හිත කඩා වැටුණා. ආයෙත් පරණ තුවාලය අලුත්වුණා. අනේ ඒ අයත් අද ජීවතුන් අතර ඉන්නවා නම් කොපමණ හොඳද? මෙයාලාව රැකගැනීමට ගත් උත්සාහයට අප සැම ඔබ සියලු දෙනාටම ණයගැති වෙමු. අද දින අසන්නට ලැබුණ ප්‍රීතිමත්ම ආරංචිය... 5වෙනි පින්තූරයේ ඉන්න කෙනා තේ දලු අතරට වෙලා ඉන්න ඉරියව්වේ ලස්සන...
මොනවා නැතත්, අපේ ජීවිතය පරදුවට තබා හෝ මේ වන සතුන් ආරක්ෂා කළයුතු වෙනවා. නැත්නම්, අපි කොහොමද ලෝකයේ කිසිම රටක රටක නොමැති සතුන් ලංකාවේ පමණක් සිටින බව ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ? අනික ඉතින්, ලංකාව මේ තත්වයට ඇද දාලා රටටම හානියක් කර තියෙන්නේ, මේ අහිංසක වන සත්තු නොවෙයිනේ, අපේම මිනිස්සුනේ නේද?
මේ පණපිටින් ඉන්න සතුන් දිහා සතුටු සිතින් බැලුවත්, මේ මියගිය සතුන් දිහා බැලුවම මගේ ඇඟේ ලේ රත් වෙනවා. සිරුරම අප්‍රාණික වී කියන්නට බැරි කුමක්දෝ අසහනකාරී හැඟීමක් සිතට දැනෙනවා. මේ වනජීවී එක මේ පුඩු ටික ගලවලා සතුන්ගේ අනාගතය ගැන උදම් අනනවා.. වනජීවී එක යන්න යාවි.. ඒත්, මස් වැද්දන් ආයෙත් ඒවා අටවාවි. කෝ මේ සතුන් මරපු එවුන් ඇල්ලුවද? දැන් නිකං පුඩු විතරක් ගලවලා සියල්ල කළා වගේ කතාව... ඇත්තම කියනවා නම්, වනජීවී එකේ අය මේ සිදුවූ දේවල් නිසා සැබවින්ම ලැජ්ජාවට පත්විය යුතුයි. පරිසරවේදීන්, පුවත්පත් ආදිය නැති නම් මේ අය තවම තද නින්දේ... ඒ බව මස් වැද්දන් දන්නවා. කරුණාකර, වනජීවී අංශ ගැන නොසිතා, මේ පුඩු තබා සතුන් මැරූ එවුන් අල්ලන්න බුද්ධි අංශ යොදවන්න. ඔවුන්ට නිසිදඬුවම් දෙන්න. එවිට මෙය පාලනය වේවි. එමෙන්ම, මේ මස් වැද්දන් අල්ලන්න රහසිගතව එස්.ටී.එෆ්. එක යොදවන්න. ඒ අය සැබෑ දක්ෂයින්. එවිට දැනට ඉන්නා සතුන් ටික හෝ බේරාගැනීමට හැකිවේවි. වනජීවීය ඔවුන්ගේ නොහැකියාව පෙන්වා අවසන්. ඔවුන්ගේ ඉදිරිකටයුතු කෙසේ විශ්වාස කළහැකිද? ඒවාද පෙර ඒවා සේම වුවහොත් වන සතුන්ට කාගේ පිහිටක්ද? මස් වැද්දන් ඇල්ලීමට නොහැකි වනජීවී එක ගැන කුමන විශ්වාසයක් තබමුද..?
මේ සතුන් ආරක්ෂා කරන ආකාරයටම, මේ වතුවල වැඩකරන කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ දරු පවුල්වල ආරක්ෂාවත් එකසේ සලකා බැලිය යුතුයි.
පමාවී හෝ ගත් මෙම තීරණය අප අගයන්නෙමු.. එලෙසම වතු ආශ්‍රිත ජනතාව විශේෂයෙන් මෙම සතුන්ගේ වටිනාකම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් යම්තාක් දුරට මෙම අපරාධය වළක්වා ගත හැකිවේ යැයි අපගේ විශ්වාසයයි..
මදු ගලවන අයගේ අතේ ඇඟිලිවලට මුදු (රන්) දාන්න ඕනේ...
කලු කොටියා හරිම දුකයි. අපේ හාමුදුරුවන්ට බාරදෙමු වනසතුන් ටික බලාගන්න. අපේම වනසතුන් වෙන කොහෙන් හොයන්නද?
මදු ගලවනවා වගේම ඕවා අටවන අයව අල්ලගන්නත් ගම්වැසියන්ගේම සහාය ඇතිව තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් සකස් කරන්න.. නැත්නම් ඔය මස් වැද්දන් ඕක අායේ පටන් ගනීවි...
කොටි මස් කන්නේ නැති වුණත් ඔවුන්ගේ නිය ඉතා වටිනවා. මදු ගැලවීමට පෙර මින් යැපෙන්නන් ගැන සලකා බැලිය යුතුව ඇත. දුප්පතාගේ මදු නොගලවනු...
පරක්කු වෙලා හරි හොඳ වැඩක්.. මිනිස්සුන්ගේ ආරක්ෂාවට තනිව නොසිට හැකි තරමේ දෙදෙනෙකුවත් සිටියොත් මේ සතුන් එන්නේ නැහැ.
සිංහල කියන්නේ මේ ලෝකයේ ඉන්න ඉරිසියාකාර ජාතියක්...
ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. විටෙක සතුටෙන් ඉපිල යන සිත්, විටෙක කඩා වැටෙන්න යන්නේ නිමේෂයයි. මෙය තේරෙන්නේ සිත ඉතාමත් දියුණු තත්වයකට පත් වූ කෙනෙකුට පමණයි කියලයි මට හිතෙන්නේ. එතකම් අපි මේ සංසාර ගමනේ තැවිතැවී, පෙලිපෙලී නොනවතින ගමනක නිරත වන්නෙමු..
සත්තයි මට ඒ වගේ.. හුරතල් වෙන්නයි ඕනේ.. උපදින භවයක් ගානේ.. කොටියෙක් වෙන්නයි ඕනේ...
ඇනුම්පද කියමින් කාලය ගත කරමි. මා ඇනුම්පද කියන්නේ.
ලොකු මහත්තයා වගේ අහිංසක විදිහට බලාගෙන ඉන්නවා. නමුත් මරාගෙන කන වෙලාව කියන්නේ නැහැ... ආප්ප, ඉඳිආප්ප එහෙම කන්න පුළුවන්ද දන්නේ නැහැ...?