IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙමළ ජාතික සන්ධානය එක්ක අපට ගිවිසුමක් නෑ

(නිමල කොඩිතුවක්කු)

දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂයට ගිවිසුමක් නොමැති බවත්  අපේ ප‍්‍රතිපත්තිවලට  එකඟවෙන  ඕනෑම අයෙක් සමඟ වැඩකරන බවත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක්  ලෙස ප‍්‍රකාශයට පත්කළු වර්ධරාජා පෙරුමාල්,  පිල්ලෙයන්ලා සමඟ පොහොට්ටුව ගැසූ ගිවිසුම් පොහොට්ටුව රටට හෙළි කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ කීය.

‘‘එක්සත් ජාතික පක්ෂය ටී. එන්. ඒ හෝ කිසිම සංවිධානයක් සමග ගිවිසුමක් නෑ. අපේ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රවාහයේ තිබෙන  පක්ෂයක්. අපේ ප‍්‍රතිපත්තිවල එකඟවෙන ඕනෑම අයෙක් සමඟ අපි වැඩකරනවා.

දැන් අපිට චෝදනා කරන පොහොට්ටුව උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්කළ වර්ධරාජා පෙරුමාල්, පිල්ලෙයන්ලා සමඟ කවුද ගිවිසුම් ගහල ඉන්නේ කියලා රටට හෙළි කළ යුතුයි.

අද උතුරේ ජනතාව සජිත් පේ‍්‍රමදාස වටා එකතු වෙමින් ඉන්නවා ඔවුන්ගේ හදවත අපේ අපේ අපේක්ෂකතුමා දිනාගෙන තිබෙනවා. ඒක දාරා ගන්න බැරුව අද මේ අය ජනතාව හමුවේ බේගල් ගහනවා. අද ගෝටාභය රාජපක්ෂ දකුණට ගිහින් එකක් කියනවා. උතුරට ගිහින් එකක් කියනවා. මොවුන්ගේ දෙබිඩි පිළිවත ජනතාව දැන ගත යුතුයි.

වියත් මගින් හදපු බොල් පිලිමය අද රටට හෙලිදරව් වී තිබෙනවා. මාධ්‍ය මගින් පුම්බපු ගෝටාභය රාජපක්ෂ පුස්සක් බව අද රටට හෙලි වෙලා තියෙනවා. මේ මැතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මහතා බහුතරයක් සහිතව පහසු ජයග‍්‍රහණයක් ලබනවා.

අපි මැතිවරණ නීති රීති අකුරටම පිළිපදිනවා. ආණ්ඩුව තියෙද්දීත් මෙහෙම නීතිය ක‍්‍රියාත්මක වීම ගැන රාජපක්ෂලා සතුටු වෙන්න  ඕන’’ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

දෙමළ ජාතික සන්ධානය එක්ක අපට ගිවිසුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site