(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30 මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේ දී අනෙක් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස
ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ
ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.
කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Nihal Thursday, 07 January 2021 06:47 AM
අපරාධකරුවන්ගේ නම් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් මගේ ප්‍රසාදය...
rocky Thursday, 07 January 2021 08:52 AM
ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ සුළු ප්‍රමාණයක්. මේක මොකක් හරි උගුලක් වෙන්නත් බැරි නැහැ..!!!
පිටිගල මිලානෝ Thursday, 07 January 2021 01:13 PM
රා වලටයි, ගංජා වලටයි තමයි නීති. සීනි හොරාව අල්ලන්නේ කවදාද?
මෝ Thursday, 07 January 2021 07:15 PM
මේක නම් සැක සහිතයි. දෙන්නව අත්අඩංගුවට අරං තියෙන්නේ දෙතැනකදී. දෙන්න එකට මත්ද්‍රව්‍ය අරගෙන ගියා වගෙයි. මුල් ටික කියවනකොට හිතෙන්නේ. අනික ගංජා ග්‍රෑම් 5ක් කියන්නේ කීයක්ද? සිගරට් එකක් ඔයිට වඩා මිල වැඩි ඇති. මේ නිලදරුවා නීතිය අකුරට ක්‍රියාත්මක කළ අවංක නිලධාරියෙක් දැයි සොයා බලන්න. මට නම් පේන්නේ සෙට් කරලා දුන්න ගේමක් වගෙයි.
Rata Perata Friday, 08 January 2021 07:42 AM
ග්‍රෑම් 5 අල්ලගත්තාම ඔක්කොම විස්තර දානවා. කෝටි ගණන් කුඩු අල්ලනකොට එක්තරා ව්‍යාපාරිකයෙක්, එක්තරා දේශපාලකයෙක් කියලා නමක් දාන්නේ නැතිව වෙනස් වෙනවා.