(මහින්ද නිශ්ශංක)
කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් අද(06) සිට ලබන 14 වැනිදා දක්වා දිනපතා ගෑස් අලෙවිසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි වෙළඳ හා ආයතනික සම්බන්ධතා ජනක පතිරත්න මහතා පැවසීය.
එම ගෑස් සිලින්ඩර එක් දිනකට 80,000 ක් ද අනෙක් දින 100,000ක් බැගින් මාරුවෙන් මාරුවට නිකුත් කිරීමට නියමිත බව ද ඒ මහතා කීවේය.
ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නැවක් අද(06) ශ්‍රී ලංකාවට ළඟා වූ බවද, එවැනි ප්‍රමාණයේ තවත් ගෑස් සිලින්ඩර රැගත් නැවක් හෙට(07) පැමිණෙන බවද ඒ මහතා කීය.
ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් නැවක් 9 වැනිදාත් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නැවක් ලබන 12 වැනිදාත් ලංකාවට ළඟා වන බවද පතිරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd