IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තෙල් ටැංකි රාජ්‍ය සමාගමකට

 

(විනීතා එම්. ගමගේ)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ජනතාවට වගකියන රාජ්‍ය සමාගමක් විසින් පාලනය කෙරෙන අතර එහි කටයුතු රාජ්‍ය විගණනයට යටත් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

තෙල් ටැංකි භාරගත් පසු කළමනාකරණය කරන කාල සීමාව, කොටස් හිමියන් අතර ඇතිකරගන්නා එකඟතා ගිවිසුම, කොයිතරම් ටැංකි සංඛ්‍යාවක් ඛණිජ තෙල් සංස්ථාවට නිදහස් කරනවා ද නැද්ද යන්න ආදී කරුණු තවදුරටත් සාකච්ඡා කිරිමට නියමිත යැයි ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලශක්ති අමාත්‍යංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළවෙනි සාකච්ඡා වටයේදී අවසන් කළ හැකි වූයේ මූලික සංකල්පීය එකඟතාව පමණක් බවය.

විස්තරාත්මක සාකච්ඡා අවසන් වූ පසු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර විවෘත පත්‍රිකාවක් හරහා එකඟතාවයේ සියලුම කරුණු ජනතාව ඉදිරියේ තැබීමටත්, ඉන් පසු මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, ජාතික සංවිධාන, වෘත්තීය සමිති සියලුම අයත් සමග සාකච්ඡා කර, එයින් ඉදිරිපත් වන යහපත් ප්‍රයෝජනවත් අදහසුත් අඩංගු කරගෙන අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර මේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් සිදුවන සියලු දේ විවෘත පත්‍රිකාවක් හරහා එකඟතාවයේ සියලුම කරුණු ජනතාව ඉදිරියේ ස්ථිරවම තබන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

දෙවන ලෝක යුධ සමයේ ඉදිකරපු මේ ටැංකි සමූහයේ තෙල් ටැංකි  99ක් ඇති බවත් මේ වන විට එක තෙල් ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් දහදාහක් ගබඩා කළ හැකි බවත් කී අමාත්‍යවරයා ඒ අනුව තෙල් ටොන් 990,000ක්  ගබඩා කිරීමේ ධාරිතාවයක් මේ තෙල් ටැංකි සමූහය සතු වන්නේ යැයි ද කීය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවෙන් මාස දෙකකට අවශ්‍ය ඉන්ධන මේ තෙල් ටැංකි තුළ ගබඩා කළ හැකි බවත්, දෙවන ලෝක යුද සමයේදී මේ තෙල් ටැංකි බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිකළ බවත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවට නිදහස දුන්නත් තෙල් ටැංකි ටික තමන් භාරයේ තබාගත්තේ එහි ඇති උපායමාර්ගික වැදගත්කම නිසා බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

තෙල් ටැංකි රාජ්‍ය සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site