
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදෙන් අල්ලා ගත් තල් මස් පැටවෙකු අලෙවි කිරීමට ගෙන ආ ධීවර කාර්මිකයින් තිදෙනෙකු අද ( 1) දහවල් හලාවත පොදු මාළු වෙළද පලේ දි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
හලාවත මෝය හරහා වට්ටක්කා බෝට්ටුවකින් ඈත දියඹට මසුන් මැරීමට ගොස් සිටිය දි එළු මෝර දැලකට මෙම තල්මස් පැටවා පැටලි ඇති අතර පසුව එම ධීවරයින් විසින් හලාවත පොදු මාළු වෙළද පලට ගෙනැවිත් අලෙවි කිරිමට උත්සහ කරමින් සිටිය දි එය දැනගත් වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් කියයි.
ධීවර ආඥා පනත අනුව මෙම තල්මසා ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් වන අතර ඔවුන් ඇල්ලිම මැරිම ඔවුන්ගේ මාංශ අලෙවි කිරිම දඩුවම් ලැබිය යුතු වරදක් වේ.
විද්‍යාත්මකව (pigmy spem whal) මෙරට සාමාන්‍ය ධීවරයින් මෙම සත්වයා මුහුදු ඌරා නමින් හදුන්වන බවත් කියයි. මෙම අල්ලා ගත් තල්මසා ගේ බර කිලෝ 150 ට වැඩි බවත් කියයි.
වෙරළාරක්ෂක නිලධාරින් විසින් අල්ලා ගත් සැකකරුවන් හා තල්මසා මහ වැව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දි ඇත. සැකකරුවන්ට හලාවත අධිකරණයෙහි නඩු පැවරිමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පැටව් තියන් උන්නු නඩුකාර උත්තමයින්ටත් ඔය නීතියම ක්‍රියාත්මක වුණානම් හරි අපූරුයි...