(ඩී.ජි.සුගතපාල)

ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු හා ඔවුන් අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් තිදෙනාට මෙසේ වයිරසය ආසාදනය වී ඇත.

මෙම පිරිස ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වෙති.

ඉකුත් 5වනදින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇත.

මොවුන් අප්‍රියල් 30වන දින මෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණයවි තිබේ.