බන්ධුල ඉලේපෙරුම
සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජප්කෂ මහතා අද(5) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
කොරෝනා වෛරසය ජෛව අවියක් ලෙසද ආරම්භයේදී සාකච්ජා වූ බවත් , මෙවැනි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට රටක් ලෙස පූර්වයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කීවේය.
ජෛව අවි භාවිතය ලෝකයේ එකඟතාවය මත තහනම් වුවද, විවිධ දේශපාලන සහ වෙළඳ උපක්‍රම සඳහා රහසිගතව තවමත් භාවිත කරන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු ඌන සංවර්ධිත රටවල් මෙම ජෛව අවි අත්හදා බැලීම් සඳහා ඉලක්ක වීමේ ඉඩක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. ඇතැම් තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බව පිළිගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා මෙය සුළුකොට නොතැකිය යුතු බවද කීවේය.
ජාත්‍යන්තර සම්මුතින් ආරක්ෂා කරගනිමින් මෙරට තුළ සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය චමල් රාජප්කෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙන් වගේ... ඇහැරෙන්න .. ඇහැරෙන්න..
අනේ මන්දා මේවාට හිනා වෙන්නද? අඬන්නද? කියලා හිතාගන්න බැහැ...
ජෛව අවි ප්‍රහාර වලක්වන්න සුදානම්? ඉස්සෙල්ලා කෝවිඩ් පාලනය කරලා හිටියා නම් ...
රට කරවන රාජපක්ෂ පවුල් සංස්ථාවෙන් තවත් රට හිනස්සවන කතාවක් කියලා.. කයිවාරුව විතරයි. සහල් කිලෝවක, පරිප්පු කිලෝවක, සැමන් ටින් එකක වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන්න බැරි, ගැසට් ගහමින් ඡන්ද දායකයින්ටකොකා පෙන්වමින් රවටන රජයකින් මොනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? රටටම අබ සරණයි...!!!
කොරෝනා එකට තාම වැක්සීන් එක ඕඩර් කරගන්න බැරිව හත් පොලේ ගාන් ඉන්නේ. තව පිස්සු කෙලිනවා.
ඒකට මට හිනා හිනා... මෙතුමා කිව්වොත් ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැ.
කලාපයේ සියලුම රටවල් තම විදේශ ශ්‍රමිකයින් මාස 1,2 රට තුළට ගෙන්වා ගත්තා. නමුත් මාස 10ක් ගත වෙලත් අපේ ආණ්ඩුවට බැරිවුණා මේක කරන්න. එහෙම ෆේල් වුණු ආණ්ඩුවක් කොහොමද ඔය කියන ආකාරයේ සැලසුම් සහගත ජීව අවි ප්‍රහාරයක් වළක්වන්නේ? හෝ ප්‍රහාරයෙන් පසු පශ්චාත් කළමනාකරණය කරන්නේ? එහෙම දෙයක් සිද්ද වුණොත් අනිවාර්යයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරෙනවා.
කොරෝනා පාලනය කරගන්න නොදන්න මේ ගොල්ලන්ද මේ කියන්නේ...? පැණියෙන්ද ප්‍රහාර එල්ල කරන්නේ?
ජාතික රෝහලට පීසීආර් මැෂින් දෙන්නෙත් අපේ කෙනෙක්. ඒ වුණාට කයිය නම් ජෛව ප්‍රහාර වළක්වන්න.
ජෛව අවි ප්‍රහාරයක් වළකා ගන්න අවශ්‍ය යුද උපකරණ වල ලැයිස්තුව උදයංගට දුන්නා නම් එතුමා ඒවා රටින් ගෙන්වා දේවි.
රනිල් ලොක්කාගේ අනිත් වැඩ කෙසේ වුණත් CBRN හදපු එක නිසා මුන්දැලා දැන් කට අරිනවා.
ආපු දවසේ ඉඳලාම රටට හෙනේ. මිනිස්සුන්ට කන්න දෙන්න. කන්න නැතිව මිනිස්සු සිය දිවි හානි කර ගන්නවා. ගොවියෝ එහෙන් එල්ලිලා මැරෙනවා. මෝඩයින්ට ඔය සුරඟන කතා හොඳයි.
සේනා දළඹුවා කියන්නෙත් ජෛව අවියක් තමයි. කෝ ඔහෙලට තාම මුකුත් කරන්න ඇහැකි උනැයි..?
මල්ලි කිව්වද දන්නෙ නෑ... අවි ප්‍රහාර නම් මට විසඳන්න පුලුවන් කියලා...
මහ පොළවේ පය ගහලා ජීවත් වන නායකයෙක් සඳහා ඇබෑර්තුවක් තිබේ.
බලන්න එපැයි කියන කයිවාරු කතා.... ඇමරිකාවෙන් හරි, චීනෙන් හරි ඔය වගේ කතාවක් කිව්වා නම් තව ඉවසන්න පුළුවන්. ඒ අය කතාව නවත්වලා වැඩ කරනවා. අපේ වැඩ බැරි ටාසන්ලා රටේ මෝඩයින්ව චූන් කරන්න කයිවාරු ගහනවා..
පවුල් පාලන ආණ්ඩුවේ සමහරු කියන ගොන් කතාවලට හොඳටම හිනා යනවා.
ඊට කලින් රිවර්ස් නොකර ගැසට් එකක් ගහන්න පුරුදු වෙන්න. ඕවා පස්සෙ බැරියෑ. වැරදිලා වගේ ජෛව අවි ප්‍රහාර එල්ල වුනොත් මිසක් හිතාමතා එල්ල කරන්නේ රට අල්ලා ගන්නද?. ඒවා ඔහේලා කරලා දෙන නිසා මොකට මහන්සි වෙනවද?
මගේ පළමු කොමෙන්ට් එකට මට සමා වෙන්න අපේ මහත්තයෝ, කොහෙද ඉතින් මගේ කටත්.... !!!
ජෛව ප්‍රහාර නවත්තන්න කලිං.... අත්‍යවශ්‍ය කෑම බඩු ටික... පාලන මිලකට දෙන්න පුළුවනැයි.. අපේ හාමුදුරුවනේ...
මහත්තයෝ ඊට කළින් මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් නැතිද? ඒවා කරලා ඉවරවෙලාද මේ දොඩවන්නේ...?
මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරෙන නිසා ලංකාවට ජෛව අවි ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිම ත්‍රස්ත සංවිධානයක් පෙළඹෙන එකක් නැහැ.