(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පිරිසක් පැවැසූහ.
කොවිඩ් වසංගතය සමග ඇතිවූ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන අලුතින් ස්වර්ණාභරණ මිලදී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇතැයි කොළඹ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්පාස් ප්‍රදේශවල ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයක හිමිකරුවෝ අප කළ විමසුමකදී කීහ.
ජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්වර්ණාභරණ උකස් කිරීමට හා විකිණීමට බව පවසන එම ව්‍යාපාරිකයෝ මේ තත්වය නිසා තමන්ගේ ආදායම සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද ප්‍රකාශ කළහ.
ආර්ථික ප්‍රශ්න නිසා අද වැඩිදෙනකු රත්රන් ආලේපිත ස්වර්ණාභරණ පාවිච්චියට පෙළඹී සිටින බවත් මේ හේතුව නිසාද තමන්ගේ ආදායම පහත බැස ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
බැංකුවල ආරක්ෂිත සේප්පු වල තැන්පත් කර තිබූ ස්වර්ණාභරණ ජනතාව විශාල වශයෙන් යළි රැගෙන යෑමටද පෙළඹී සිටින බව බැංකු කීපයක නිලධාරීහු අප සමග පැවසූහ.
මේ අතර ස්වර්ණාභරණ සාප්පු සහ ජනතාවගේ කන කර ආභරණ කොල්ල කෑමේ සිද්ධීන්ද මෑත භාගයේදී සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘ජිවිකාව ගැට ගහගන්න රන් කිලෝ 600ක් උගස් කරලා‘‘
Lalith M Sunday, 26 December 2021 10:05 AM
74 වසරක පාලකයින් සංවර්ධනය කිරීමේ ප්‍රතිඵලය. ඔවුන්ට සැප අපිට දුක....