(රංජිත් රාජපක්ෂ)
ආගරපතන පොලිස් වසමට අයත් ටොරිංටන් ප්‍රදේශයේදී සැඩ පහරකට හසු වී අතුරුදන්ව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රල්වත්ත ඔයේ තිබී අද (19) පස්වරුවේ සොයාගත් බව ආගරපතන පොලිසිය පැවසීය.
එම සිසුවිය ගසාගෙන ගිය ස්ථානයට පහළින් මීටර් 1000 පමණ පහළ ඔයේ තිබී සිරුර හමුවී ඇත.
මෙසේ සොයාගනු ලැබුවේ මදියලගන් ලක්ෂ්මි නැමති 12 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුරයි.
ආගරපතන ටොරිංටන් දමිළ මහ විද්‍යාලයේ 7 වෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවියන් දෙදෙනා පාසල ඇරී ටොරිංටන් වත්ත හරහා ඔවුන් පදිංචි අග්‍රල්වත්තට යමින් සිටියදී අධික වර්ෂාවත් සමඟ වතු මාර්ගය හරහා ගලා ආ ජල පහරකට හසු වී අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසීය.
අතුරුදන් ව සිටින අනෙක් සිසුවියගේ සිරුර සොයා යුද හමුදාව පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.
පාසල් සිසුවියගේ සිරුර මේ වන විට ආගරපතන රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගතිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක පැටව්
ඉතාම කනගාටුදායකයි.
දුකයි දෙයියනේ!
හරිම සංවේගයි. සසර පුරාම කිසිදු අකල් මරණයක් නොවේවා!