
(කාංචන කුමාර ආරියදාස)
ජපන් ජබර ආක්‍රමණශීලී ශාකය නිසා කලා බලලු වැවේ වන අලින්ට උග්‍ර ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුව එහි සුන්දරත්වයට මෙන්ම එහි සිටි පක්ෂි විශේෂ රැසකටද හානි සිදුවී ඇතැයි ජනතාව පවසති.
වෙනදා අලි ඇතුන් ගහන ව පවතින කලාවැව වෙනත් වසර වලදී මෙවැනි මාස වල ඉතා අලංකාරව දසුන් මවන සුන්දර ප්‍රදේශයකි.
වෙනදා කලා බලලු වැව් ඉස්මත්තේ අලි ඇතුන් 350 ක් පමණ විශාල පිරිසක් වැව්තාවුල්ලේ ඇති තෘණ ආහාරයට ගන්නා දසුන් මෙන්ම කුරුල්ලන් විශාල පිරිසක් දැකගැනීමට හැකි වී තිබුණු බව ජනතාව මෙන්ම ප්‍රදේශවාසීහු පවසති.
එහෙත් මේ දිනවල වන අලි 35-40 අතර රංචු වලට කැඩී කලා වැවැවේ මෙන්ම බළලු වැවෙත් ඇවිත් තැන තැන ස්ථානගත වී ආහාර සොයමින් යන බව ජනතාව පෙන්වා දෙති.
ජබර ආක්‍රමණශීලී ශාකය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් එම ශාකය වැව් තාවුලු සියල්ල වසා ගෙන තිබීම නිසා කුරුල්ලන්ට පවා ආහාර නොමැති බවය
එමෙන්ම කලාවැවේ සිටි බොහෝ අනෙකුත් ගව රංචු ද මේ දින දිනවල කලාවැවෙන් ඉවත්ව ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.
කඩිනමින් මෙම ක්‍රමණශීලී ජපන් ජබර ශාකය කලාවැවෙන් වූ ඉවත් නොකළහොත් ඉදිරියේ දී අලි මිනිස් ගැටුම්ට අත්වැනීමක් සිදුවන බවද පෙන්වා දුන්නේය .
වෙනදා මෙම කලා බළලු වැවේ නම් රැසකින් ප්‍රසිද්ධ ඇතුන් රැසක් සිටි බවත් එම ඇතුන් ද මේ වන විට කලා වැවේ දැක ගැනීමට හැකි වන්නේ ඉතා කලාතුරකින් බව ගැමියෝ කියති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉවත් කරන්න මුදල් නැහැ. අධිවේග හදන්න තියෙනවා කොළඹ අවට ඉන්න අයට...
නුදුරු අනාගතයේම ලංකාවේ මිනිසුන්ටත් උග්‍ර ආහාර හිඟයකට මුහණ දෙන්න වෙනවා කියලනේ කියන්නේ... මේ සමඟම අලින්ටත්, කුරුල්ලන්ටත් ආහාර හිඟවීම මහා අභාග්‍යයක පෙර නිමිති වත්ද? වැව් තාවුල්ලේ තෘණ භූමි වියළී ගොස් නම්, අලි ඇතුනේ නුඹලාට වෙනත් තෘණ භූමි සොයාගැනුමත් දුෂ්කර කටයුත්තක් වේවි..!!! ඇයි නුඹලාට හිමි නිජ බිම්, දේශපාලක හෙන්චයියන් එළිපෙහෙළි කරගෙන අත්පත් කරගෙන ඉන්න නිසා. ඉතින් මින්පසුව අලි මිනිස් ගැටුම් තව, තව උග්‍ර වේවි...!!! අලින් අතින් මිනිසුන් මැරෙයි. නැත්නම් මිනිසුන් අතින් අලි මැරෙයි. බලධාරින් හැකි ඉක්මනින් මේ ආක්‍රමණශීලී ජපන් ජබර ශාකය ඉවත් කර මේ අසරණ සතුන්ව බේරා ගන්න. සියතුනේ නුඹලාට පියාපත් තිබෙන නිසා වෙනත් තැනකට ඉගිල ගොස් කුස පුරවාගෙන සතුටෙන් වාසය කරන්න.
මේ ජපන් ජබර, වැව් ජලයේ ඇති බැරලෝහ උරාගන්නා අතර, කාබනික පොහොර වලට යොදාගත හැකියි. සැල්වීනියාත් එහෙමයි.
ජපන් ජබර ශාකය ගොඩබිමදී ඉතා ඉක්මණින් දිරාපත්වන නිසා මෙය කාබනික පොහොරක් ලෙස හෝ කාබනික පොහොර සෑදීමට අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කළහැකිය. මේ පිළිබඳව වගකිව යුතු අයගේ අවධානය යොමුවේවා..!!!.