2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ මෙම බද්දෙන් නිදහස් කෙරෙන අතර ඩීසල් සහ පෙට්‍රල් වාහනවට බද්ද පැනවන්නේ ඉන්ධන පරිභෝජනය අනුව යැයි චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීය.
මෙම බද්ද නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩු නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතර සහ නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි යන අංශ තුන යටතේ අයකරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන දෙමුහුන් (හයිබ්‍රිඞ්) වාහනවලට ඒවායේ එන්ජින් ධාරිතාව සහ නිෂ්පාදිත වර්ෂය පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක් ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව ඔහු පැවසීය.
පෙට්‍රල් හෝ ඩීසල් හෝ භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත අවුරුද්ද පහකට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක් ද, නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතර නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලයි සත 50ක් ලෙස ද බදු පනවන බව කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.
මගී ප්‍රවාහන බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩු නම් රුපියල් 1,000ක් ද නිෂ්පාදිත වසර අවුරුදු පහත් දහයත් අතර නම් රුපියල් 2,000ක් ද එය වසර දහයකට වැඩි නම් රුපියල් 3000ක්ද වශයෙන් බදු පැනවෙන බව ද කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.
ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරුන් හරහා අදාළ ගෙවීම් කළ හැකි බව ද ඔහු කීය.
කාබන් බද්ද මේ වසරේදී අනිවාර්ය නැති බවත් එය ලබන වසරේ සිට අනිවාර්ය බවත් කොමසාරිස් ජනරාල්වරයා 2020 වසර සඳහා ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා කීය. ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී 2019 වසර වෙනුවෙන්ද බද්ද අයකරන බව පැවසීය.
මේ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද ජගත් චන්ද්‍රසිරි මහතා තවදුරටත් කීවේය.
ඩේලිමිරර් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය භාවිතා කරනවට බද්දක් එහෙම නැත්ද?
මීළඟට ඉතිරිවෙලා තියෙන්නේ ගොන් කරත්තවලට මීතේන් බද්දක් ගහන්න විතරයි.
වාහනය පරණ වෙනකොට බද්ද වැඩිවන්නේ කොහොමද?
මේ ගමන්ම ඇඟ බද්දකුත් ගැහුවොත් හොදයි. ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් නැති අවාසනාවන්ත රටක් දැන් මේක. එක එකාට හිතුහිතු දේ මේ රටට කරනවා. බදුවලින් මේ රටේ මිනිස්සුන්ව නොමරා මරනවා... අලුත් වාහනවල මිල වැඩිකරලා, පරණ වාහනවලට බදු ගහනවා.
මෙම අලුත් බදු වලින් ලබාගන්න මුදල් වියදම් කරන්නේ කුමක් සදහාද ?
රටක සංවර්ධනයට බදු පැනවීම සාධාරණ උවත්, මේ දේශපාලකයන්ගේ අදුරදර්ශී පාලනයට ණය ගෙවීමට හා උන්ගේ සැප විහරණයට මෙවැනි බදු පැනවීම කණගාටු දායකයි.
ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න මංගල ආන්ඩුව ගෙදරම යවයි ඊලග ඡන්දයෙන්. පුලුවන් තරම් නොදැනෙන්න වක්‍ර බදු තමයි ගන්න ඕන මේ බදු වලින් වෙන්නේ ආන්ඩුව තව තවත් අප්‍රසාදයට පත්වීම.
පෞද්ගලික වාහනවලට ඕනතරම් බදු ගහන්න. හැබැයි පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයත් ඒ හා සමානව දියුණු කරන්න. මිනිස්සු පෞද්ගලික වාහන මිලදී ගන්නේ පොදු ප්‍රවාහනය ගැන විශ්වාසයක් හා එහි පහසුකම් නැති නිසා.
තව ටික දවසකින්, ඉස්තෝප්පු බද්ද, පොල් බද්ද, ඇඟ බද්ද, වගේ සුද්දගේ කාලේ වගේ බදු ගහයිද දන්නේ නැහැ. වාහන ගන්නකොට බදු ගෙවන්න ඕන, ඒ වගේම වාහනේ නඩත්තුවට වෙන බදු ගහනවා.
බදු ගහනවා ඇරෙන්න කරන්න දෙයක් ඇත්තේම නැද්ද.?
කාර්බන් බදු මුදල් වලින් මොනවද කරන්න බලා පොරොත්තු වෙන්නේ.
මෙහෙම වාහන බදු ගහන්න ගියොත් බස් ගාස්තු , පාසල් වැන් ගාස්තු මේවත් වැඩි වෙනවනේද? අනික බොහොම අමාරුවෙන් ෆිනෑන්ස් කරලා වාහනයක් ගත්තු මිනිස්සුන්ට, දුම් බද්දයි, ආදායම් බලපත්‍රයයි, රක්ෂණයයි ගන්නත් ඕනේ. දැන් තවත් එකක්. කාබන් බද්ද නොවෙයිද දුම් පරීක්ෂා කරලා කරන්නෙත්. අඩුපාඩුවකට තියෙන්නේ, වාහනයක් ගෙදර තියෙනවට බිම් බද්දකුත් නියම කරලා නැති එක විතරයි. එකත් ළඟදීම එවී.
එකෝ ටෙස්ට් කියලා එකක් ගෙනල්ලා එකටත් ගානක් දෙන්න ඕනේ. ඊට පස්සේ කාබන් කියලා තවත් ගානක් දෙන්න ඕනේ. රටේ තිබෙන ප්‍රවාහන පහසුකම් දියුණු කරන්නේ නැතුව මොනවද මේ ගහන බදු. දුම්රිය සේවය දියුණු කරන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ අලුතින් දුම්රිය ගමන් වාර අවුරුද්දකට එකක් වත් වැඩි වෙන්නේ නැහැ . බදු ගහන එක විතරයි
අපි තව තවත් බදු ගෙවමු. ඊළඟ වටයට කොල්ල කන්න සල්ලි හොයා ගන්නත් එපැයි.
විවිධ දේ හොයා හොයා බදු ගහනවා ....
එකෙත් බද්ද වැඩි දුප්පත් මිනිසුන්ගේ පරණ කාර් වලට.
ඇයි මේ සාමාන්‍ය ජනතාවට විතරක් බදු ගහන්නේ. සිටිබි බස් වල කොච්චර දුමක් පරිසරයට මුදා හරිනවද. කෝච්චි කොච්චර දුමක් මුදා හරිනවද. රජයේ වාහන කිසිවකට බදු නෑ. සාමාන්‍ය ජනතාවගේ හැමදේටම බදු. සාමාන්‍ය ජනතාවගෙන්ම බලයට පත්වෙලා ජනතාවම හුරගෙන කනවා .
මේ බදු අය කිරීමෙන් පරිසර හානිය වලක්වන්න පුලුවන්ද? චම්පික පරිසර ඇමති ඉන්න කාලේ ජංගම දුරකතනවලට පරිසර බද්දක් කියමින් 5% බද්දක් පැනවුවා. එම බද්දෙන් පරිසර හානිය වැලැක්වුනාද? හැම පැත්තෙන් මහජනයාට බර.
පහසුවෙන් ගෙවන්න සහ ගන්න පුළුවන් සහ සුළු මුදලක බද්දක් උනොත් ටිකක් හරි හිත හදාගන්න පුළුවන් .
එක්කෝ ආනයන නතර කරන්න ඕනේ. නැත්තම් මේවා මිලදී නොගන්න ඕනේ. නැත්තම් ඉතින් කට පියාගෙන ඉන්න ඕනේ. එහෙමත් බැරිනම් මේ පිළිල අයින් කරලා රටට අලුත් වෙනසක් ඇති කරන්න ඕනේ. නැත්තම් ඉතින් උහුලා උහුලා තමයි ඉන්න වෙන්න මැරෙන තුරාවටම.
කාබන් බද්දක් ගෙවන්න ඕනේ තෙල් විකුණන කෙනානේ.
ණය ගෙවන්න.
දැන් මේ බද්දෙන් ගන්න සල්ලි වලින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අඩුකරනවද ?
විශිෂ්ට තීන්දුවක්. වාහන පාවිච්චි කරන්නේ සල්ලිකාරයන්ට බදු ගහන්න.
බදු ගැහුවට කමක් නැහැ. එ්ක රටේ සංවර්ධනයට යොදවනවා නම්. එ්ත් අපේ රටේ දේශපාලකයෝ කරන්නේ සාමාන්‍ය මිනිහගෙන් බදු ගහලා පරම්පරා ගානකට හරියන්න රටේ මුදල් කොල්ල කන එකයි. හෙනම ගහන්න ඕනේ...
ජනතාවට 2019 විනකිරීම... ගම්පෙරළිය..
වාහනවල තිබෙන අනිකුත් අංගෝපාංග වලටත් බදුගහන්න පුළුවන්නේ... හැබැයි ඡන්දෙ ඉල්ලගෙන නම් මේ පළාතේ එන්න එපා... හරිද?
මහ බැංකුව හොරා කාපුවා දැන් එකතු කරන්න ඕනෑනේ.. ඉතින් බදු ගහනවා.. දෙන්නම් මේ පාර ඡන්දේ...
කාබන් බද්දේ සියලුම මුදල් වනවගාවට යොදවන්න ඕනේ එහෙමනම්. කාබන් තුලනය කරන්නේ ශාක විසින් අනෙක් අතට දුම් පරික්ෂාව ඉවත් කරන්න ඕනේ එකම දේට දෙපාරක් බදු ගහන්නේ මොන පදනමින්ද