IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා  විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය.

ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා  දරන මේ ප්‍රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැස විරෝධතාවය පළකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.

    ‘‘ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට පාලනය කිරීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා වෛරී පාලනයකට නායකත්වය දෙන්න තරම් සාහසික වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලැබුණු ජනවරමට මේ වනවිට පිටුපාල තියෙනවා. ඔහුට දැන් ජනවරමක් නැහැ.

ඔහුට ඡන්දය දුන්  හැටදෙලක්ෂයකට අධික ජනතාව වලපල්ලට යවන තරමට සාහසික තීරණයක් ඔහු 26 වැනිදා අරගත්තා. තමන්ගේ පරම හතුරා සමඟ එක්ව ව්‍යවස්ථාව කුණුකූඩයට දාලා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට  දරන මේ ප්‍රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැහැලා  විරෝධතාවය පළකරන්න අවශ්‍යයි.

මේ නැතිකරන්න හදන්නේ අපේ රට ,දරුවන්ගේ අනාගතය, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ  අයිතිය සහ මානව හිමිකම් තමයි මේ නැති කරන්න හදන්නේ. අද මේ ආරම්භ කරන සත්‍යග්‍රහයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අපි සංඥාවක් ලබාදෙනවා.

එතුමා පන්සල් යන පුද්ගලයෙක් හැටියට තමන් අදහන ආගමට අල්ප්‍රමාත්‍ර  වූ ගෞරවයක් තියෙනවනම් මල් පහන් පූජා කරලා තමන්ට ප්‍රඥාව පහල වේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ රට අරාජික කිරීමේන් වළක්වන්න කියලා මේ අවස්ථාවේ අපි ආයාචනා කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site