IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපති කාර්ය මණ්ඩලයේ - දැව සංස්ථාවේ හිටපු සභාපතිවරුන්ගේ අභියාචනය විභාගයට දිනයක්

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහානාම ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් මාර්තු 16 වැනිදා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින නියම කළේය.
 
ඉකුත් රජය සමයේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක්  අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් ලබා ගත් චෝදනාවට තමා වරදකරු කරමින් මහාධිකරණය ලබා දුන් සිර දඬුවම් නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
 
චූදිත අභියාචක  පියදාස දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම විජිත් මළල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැදවිණි.
 
මෙම අභියාචන පෙත්සම් ඊයේ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම් එදිනට විභාගයට ගැනීමට දින නියම කෙරිණි.
 
ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54  ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලයන 20 ක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ අධි චෝදනා නඩුවේ වරදකරු කළ එහි දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 ක දඩයක් නියම කර තිබුණි.
 
එම අධි චෝදනාව සම්බන්ධයෙන්ම වරදකරු කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහනාම මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් 65,000 ක දඩයක් ද නියම කර තිබුණි.
 
එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, එය අහෝසි ⁣කර, සියලු චෝදනාවලින්, තමාව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්  විත්තිකාර පියදාස දිසානායක මහතා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කරන ලදී.



අදහස් (1)

ජනපති කාර්ය මණ්ඩලයේ - දැව සංස්ථාවේ හිටපු සභාපතිවරුන්ගේ අභියාචනය විභාගයට දිනයක්

kamal koyrala Thursday, 04 February 2021 06:32 AM

ප්‍රමාණවත් සාක්ෂි නැත.. සාක්ෂි පරස්පරයි. නිදොස් කොට නිදහස්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site