(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී.
අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසමේ වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24.6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ඉකුත් 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට මීට පෙර ඊට අදාළ පැමිණිලි විභාගයේදී කරුණු හෙළිවිණි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඒ මහත්තයාගේ ඔලුව ගිනි අරගෙන තියෙද්දී මේ ගොල්ලෝ එනවා සුරුට්ටු පත්තු කරන්න. අනේ මෙහෙමත් දෙයක්..
දුමින්දට අනුව මේකට කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ අගමැති. මිස්ටර් ක්ලීන් කොමිස් කාක්කෙක්... පුලුවන් නම් විකුණන්න බැරි වුනත් හයිටි බිල්ඩිම විකුණන්න කීයක් කොමිස් ඉල්ලුවද කියලා හොයන්න. මේ වගේ අය තමයි සුදු පිරුවට ඇඳලා... කෝට් බෑයවල් ඇඳලා දේශපාලනයේ ඉන්නේ. මේ පාර වෙනසක් කරන්නම ඕනේ. හැමදාම දේශපාලකයන් හොරු කියන මන්තරේ ජපකරලා වැඩක් නැහැ. මොවුන්ව යවන්න ඕනේ. හොඳ මිනිසුන් දේශපාලනයට අවතීරණය වියයුතුයි.
ප්‍රධාන පක්ෂවල දේශපාලනය අමුම අමු මාෆියාවක්. හොරු ඇල්ලීම ඡන්ද කාලෙට කරන සද්දයක් විතරයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පක්ෂ විපක්ෂව දෙගොල්ලො ආරක්ෂා කරගන්නවා. අල්ලන ඇති හොරෙක් නෑ. වැඩිම වුනොත් හොරිකඩ නිලධාරියෙකුට ජම්පරේ අඳින්න වෙයි. ඒකත් ටික කාලෙකට. හොඳම උදාහරණයක් නම් පහුගිය දියවන්නා යහපාලන කාලගෝට්ටිය. රාජ්‍ය නිලධාරීන්ට පහරදීපු රාජ්‍ය දේපල වලට හානි කරපු කට්ටිය ලංකාවම දැක්කත් බොරු කොමිසමක් දාලා වැහුවා. දැන් මිනිස්සුන්ට ඒක අමතකයි.
බයනැති අගමැති කිව්වා නේද කාලයක්?
එයාත් බැහැ කියන එකේ ඔයාත් බැහැ කියන්න මෙයා...
ඡන්ද කාලෙට මතුවෙන සෙල්ලම්...
බය නැති අගමැති...
බය නැති අගමැති .....!!!
සුදු වෑන් දැකලා තියෙන්නේ දෙතුන් දෙනයි. ඔවුනුත් කොටින්ට හෝ පාතාලෙට කඩේ ගිය අය... හැබැයි සුදු වෑන් ගැන කතා කරන දහස් ගාණක් ඉන්නවා. තමන් නොදැකපු දෙයක් ගැන කතාකරන ඔවුන් දන්නේ නැහැ.. මේ මංගල ගොතපු කතාවක් කියලා. මංගල ප්‍රේමදාස නැතිකළෙත් මේවගේ බොරු වලින්... ඒ කාලේ මොන දේ වුණත් අන්තිමට එ්කට ප්‍රේමදාස සම්බන්ධයි. අද ඔහුගෙන් උදව් ගන්න සජිත් ඉදිරිපත්වීමම ලැජ්ජාවට කරුණක්...
"බය නැති අගමැති" දෙසැම්බර් වලින් පස්සේ " හැන්ගෙන අගමැති " වෙනවා... පුදුමේ කියන්නේ තවත් සමහරක් ජනතාව අධම, නීච, පව්කාර, අශෝභන, විනාශකාරී, නින්දිත, රට විනාශ කරන, රට පාවා දෙන, කොන්ද පණනැති පාලකයන් හට කඩේ යනවනේ...
බයනැති, මුල, අග නැති අගමැති..
සිරා මහතාගේ මේ කොමිසම් වලට පේන්නේ තමාගේ විරුද්ධ කරුවන්ගේ වැරදි පමණයි. වරද නම් කවුරු කරත් වරද...ඇයි? තමන්ගේ හිතවතුන්ගේ කප්පරක් වැරදිවලට කොමිසම් නැත්තේ. මේ රටේ ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනපති කෙනෙක්. එවන් කෙනෙකු පත්කරන කොමිසම්ද නීතියට අනුකූල නැහැ. කරුණාකර සියලු දෙනාගේ වැරදි සොයන කොමිසම් පත් කරන්න. සාධාරණ වන්නේ එයයි. තමන්ගේ දේශපාලන වාසිවලට පත් කරන කොමිසම් වලින් වෙන්නේ රටේ මුදල් කාබාසිනියා වීම පමණයි. අනේ !!! රටකට ගිය කලක්....
මිත්‍රවරුනි, මෙය සංදර්ශනයකි. රැවටෙන්න එපා.
කොහොමද අපේ බයනැති අගමැතිතුමා?