
(තිලකරත්න දිසානායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැදීමේ ලොකු උවමනාවක් සහ හොද දැක්මක් ඇතත් කාලකණ්නි පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා පවසයි.
අද වනවිට පවතින තත්ත්වය මත මේ වනවිට ජනතා බලවේගයක් ගොඩනැගෙමින් තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසනයෙන් , මගෙ අතින් මගෙ කටින් එකම ඡන්දයක්වත් පොදු ජන පෙරමුණට ලබා ගන්න මා මැදිහත් නොවන බව මා පක්ෂ නායකයාට කිව්වා. අද වනවිට රටට සිදුව ඇත්තේ කුමක්ද ?
සහල් ඇතුලු සෑම ද්‍රව්‍යයකම මිල ඉහළ ගිහින්. එම ද්‍රව්‍යවල හිගයක් පවතිනව. 1977 වනවිට අපේ රටට නැව් පහක් තිබූණා. දේශීය නිෂ්පාදන ආයතන ගණනාවක් තිබුන. ඉන් පසුව ආණ්ඩු වෙනස්වීමෙන් පසුව බඩගෝස්තරවාදී දේශපාලනයක් මෙරට රජ කළා. 1977 සිට අද දක්වා රට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂ රට පත්ව ඇති මෙම තත්ත්වයට වගකිව යුතුයි.
ඇන්ගෝලාව අද වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන්න. මේ චීනයේ කටයුතු නිසයි. මහජන බැංකුව අසාදු ගත කරලා, අපි ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩ පිළිවෙලට කැමතියි.මමත් හොද ගොවියෙක්. අපි කාබනික පොහොරට අවතීර්ණ විය යුතුයි. නමුත් මේ වනවිට වගාකොට ඇති සෑම දෙයක්ම දෙමුහුන් බීජවලින් වගා කොට තිබීම නිසා කාබනික පොහොර යෙදීම එකවර කිරීමට යාමෙන් ප්‍රශ්යනක් ඇතිව තිබෙනව. මෙය කළ යුත්තේ ක්‍රමක් ක්‍රමයෙන්.
ජනාධිපතිවරයා මේ රට හදන්න ලොකු උවමනාවක් තිබෙනවා. මෙතුමාට හොද දැක්මක් ඇතත් මේ කාලකණ්නි ටිකක් මේ වන විට එතුමා බිත්තියට හේත්තු කර තිබෙනව. අපිට දුකයි. මොකද අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන කතාකරන්න අයිතියක් තිබෙනව. මොකද ඡන්දයෙදි ඡන්ද ලක්ෂ 15 ක් අපි ලබා දුන්න. දැන් අපිට කියනව උඹල බැහැල පලයල්ලා කියල. අපි ගැන කෙලෙහි ගුණ තැබුවේ නැහැ. අපිට තනතුරු එපා. වරප්‍රසද එපා. මේ රට ගොඩනගන්නයි අපිට ඕනෙ.
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය සැමට යළි මහ ගෙදරට එන්නැයි ද ඔහු ආරාධනා කළේය.
ශ්‍රී ලංනිප ගම්පහ ආසන බලමණ්ඩලයට නවක නිලධාරී පත් කර ගැනීම පිනිස යක්කල පක්ෂ කාර්යාලයෙහි අද පැවති රැස්වීමේදී බස්නායක මහතා මේ බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්මක් තියෙන හින්දද ..‘‘බල්ලොත් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන නීතිය නොදන්නේ...‘‘
රට...! අනේ මන්දා මේ පවුල ගැන නම්....
කාලකන්නියා කවුද කියලා ඔය කණ්ණාඩියක් ඉදිරියට ගියාම පෙනේවි...!
කරන්න බැරි හොඳ දැක්මෙන් ඇති වැඩේ මොකද්ද?
හා හා හා අහන්න වෙල්ගමගෙන්. පලාත් සභාවකවත් වැඩ කරල නැති කෙනෙක්ව ජනාධිපති කමට පත්කරන්නා එපා කියලා වෙල්ගම කිව්ව. මිනිස්සු ඒක ඇහුවේ නැතුව ඡන්දේ දුන්නා. අද විදින්නේ ඒ මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල තමයි.
මේ කොලුවට අසනීපයි නරකද බෙහෙත් ටිකක් අරන් දුන්නොත් මං හිතන්නේ ඔලුව බිත්තියක වැදිලා
වවුලන්ටත් ඔය දැක්ම තියෙනවා.
ජනපතිට හොඳ දැක්මක් තියෙනවා කියලා ඔක්කොටම දැන් හොඳටම තේරිලා තියෙන්නේ, ආයේ කතා දෙකක් නැහැ.
ඔව් ඔව්... අපි දැක්කනේ එයාගේ දැක්ම...
ජනාධිපතිව බිත්තියට හෙත්තු කරන්න තරම් දුර්වලද? එහමනම් දැන් තේරනව කවුද යුද්ධය මෙහෙය වූයේ බව. බිත්තියට හේත්තු කරලා, කකුලෙන් අදිනවා, කරන්න දෙන්නේ නැහැ, බලතල මදි, මේවා විසඳුම්ද?
මේවට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැහැ. නොදකින් මුං වගේ එවුන් ලෝකෙට ඉපදුනානේ.
එහෙනම් වහාම ආණ්ඩුවෙන් ඉවත් වී විරෝධය පලකරන්න .නිකන් පච විතරයි
පුන්නක්කුත් ගණන් ගියා කියලා දන්නවද දන්නේ නැහැ මේ මහතා ?
මෙන්න නියම ගොබ්බයෙක්
නැතුව, නැතුව... සුදුළූණු ගෙන්නුවා... පොල්තෙල්, සීනි නැව් පිටින් ගෙන්නුවා... අපි හරක් නොවේ... මීහරක්...
ජනපතිගේ දැක්ම තියෙන්නේ පවුලටයි..., තමුන්ට බඩ වඩා ගන්න විතරයි. මෙච්චර අහේනියක් තියෙද්දීත් ඩොලර් බිලියන ගණන් වලට චීන අසුචි ගේන එක යන්තන් මොලේ තියෙන කවුරුවත් කරන්නේ නැහැ...
ජනපතිතුමාගේ දැක්ම ගැන දැනගෙන ජනතාව ඡන්දෙ දුන්නු බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එතුමා පසුපස ආවත් දැන් කළ යුතු මහජන සේවය ගැන මෙතුමාගේ දැක්මක් ඇත්තේම නැද්ද දන්නේ නෑ. මේ අයට ජනපති ගැන කියනවා ඇරෙන්න තමා තුළ රටට දෙන්න කිසිවක් නැති ගාණයි.