
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්‍රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවරයෙක් විසින් පරිසර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කල පළමු අවස්ථාව මෙය වන අතර පරිසර හිතවාදියෙක් ලෙස සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි වැඩකටයුතු සඳහා සහය දැක්වීමට දෙස් විදෙස් ප්‍රවීණ පරිසරවේදීන් පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා.
තිරසාර පාරිසරික සංවර්ධනය මෙම ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය අරමුණ බවට පත්වන අතර ආර්ථික වර්ධනයට සහ යැපීම සඳහා අත්‍යවශ්‍ය වන තීරණාත්මක පාරිසරික පද්ධති සහ සම්පත් ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීම මඟින් සංවර්ධන ක්‍රියාදාමය සැබෑ ලෙසම තිරසාර කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.
මෙම පරිසර ප්‍රඥප්තිය යටතේ අලි මිනිස් ගැටුම අවම කිරීම උදෙසා පුළුල් පස් අවුරුදු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙන අතර සංරක්ෂණ මිනුම්වල ඵලදායි බව සහතික කිරීමට කොටියන් පිළිබඳ පර්යේෂණ හා සංරක්ෂණය කිරීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශ වල සිටින නිල් තල්මසුන් සංරක්ෂණය කිරීමේ පුළුල් ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව සිදු කිරීම මඟින් තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අභිප්‍රායයි.
පාරිසරික සංරක්ෂණය, දේශගුණික විපර්යාස වෙත අනුවර්තය වීමේ හා දේශගුණික බලපෑම් අවම කිරීමේ සැලසුම් මෙන්ම උපායමාර්ග සකස් කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනයට ප්‍රමුඛතාවය ලබා දීම මඟින් රජයේ ඉහල කැපවීම සනිටුහන් කිරීමට ඔවුන් සුදානම්ව සිටිනවා.
ප්‍රාදේශීය ප්‍රජාවට ආර්ථික සහයක් ලබා දීමේ අරමුණින් වනජීවී හා පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වනජීවී සංචාරක කර්මාන්ත හදුන්වාදීමටත් නියමිතයි.සතුන්ට එරෙහි කෘරත්වය වැලැක්වීම සඳහා වන නීති ශක්තිමත් කිරීම තුලින් සත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම රජයක ප්‍රධාන අරමුණක් වන බව මෙම පරිසර ප්‍රඥප්තියෙන් මනාව පැහැදිලි වනවා.
සොබාදහමේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට විශාල තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමේ පියවරයන් මෙන්ම නාගරික කසල කළමණාකරනය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.ප්‍රඥප්තියට අනුව ග්ලයිෆොසෙට් භාවිතයෙන් ඉවත් කිරීමේ සැලසුමක් හදුන්වා දීමෙන් පාරිසරික සංරක්ෂණය තිරසාර සංවර්ධනයකට ලඟා වීම නිසැකවම වනු ඇත.
පරිසරයේ පෙනහළු ලෙස සැලකෙන වනාන්තර වෙනුවෙන් විශේෂ වන සංරක්ෂණ ව්‍යාපෘතියක් හා වන වගාව සඳහා පුළුල් වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. රටෙහි සංවර්ධනය සැබෑ වශයෙන්ම සනාථ කිරීම උදෙසා පාරිසරික සංරක්ෂණය වැදගත් සන්ධිස්ථානයක් බව මෙම පාරිසරික ප්‍රඥප්තියෙන් මනාවට පිළිඹිබු වනවා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්..




COMMENTS
පව් මේවා දැකලා මිනිස්සු ඡන්දෙ දෙයි කියල හිතනවා ඇති. ඇත්තටම වැඩේ හොඳයි. නමුත් පසුගිය අවුරුදු හතර හමාරටම මෙවන් සංකල්පයක් ඇති නොවුණේ මොකද දන්නේ නෑ?
ප්‍රඥප්ති එකක් නෙවෙයි සීයකට උනත් මෙයා අත්සන් කරාවි. මොකද මෙච්චර කට්ටක් කාලා ගත්තු අපේක්‍ෂකකම බේරා ගන්න බැරි උනොත් පක්‍ෂයෙන් එල්ලවන පීඩනය සහ පාක්ෂිකයින්ගේ අප්‍රසාදයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ නිසා බැරිවෙලාවත් සහරාන් ජීවත් වෙලා පක්ෂයක් හැදුවනම් මෙයා අනිවාර්යෙන්ම ඒ පක්ශේ එක්කත් ගිවිසුමක් ගහනවා. ඒ නිසා මොවුන් මේ රට පත්කරන්න යන බැරෑරුම් තත්වය බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුයි. ඔය ප්‍රඥප්ති නිකන්ම නිකන් කොළ කෑලි වෙනවා මෙයා ආවනම්.
කෝ මෙතන බදුර්දීන් නැහැනේ? එයා නැතුව කොහොමද මේවා කරන්නේ?
යෝජනාව කළේ බදුර්දීන්ද ?
බදුර්දීන්ගේ සහයෝගය හම්බවෙයි අකුරටම ඔය වැඩේ සාර්ථක කරගන්න. අනේ මන්දා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා?
ඕව කරන්න පුළුවන් දින්නොත් රටේ තව ප්‍රශ්න හුඟක් තියනවා විසඳන්න කාන්තාවන් ගේ ප්‍රශ්නයි අරවයි මේවයි නෙමේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙලක් ඉන්න හොරුත් එක්කම දිගටම යනවද ? අනික ඔබ අනිත් අයගේ රූකඩයක් ද? මොනවද පැහැදිලි ප්‍රතිපත්ති අපි 2015 වගේ දැන් වැඩ කරන්නේ නෑ.
කරන්න පුළුවන් නම් හොඳම හොඳ පියවරක්. කවුරු දිනුවත් මේවා කරන්නම ඕනේ වැඩ. කව්රු හරි ඉදිරියට පියවරක් ගත්ත එක ලොකු දෙයක්.
පරිසරය ගැන අවධානයක් යොමු කිරීම ඉතා හොඳ දෙයක්. විශේෂයෙන්ම කලින් ඡන්ද වලදී කිසිවෙක් නොකළ දෙයක්.
මේ ප්‍රචාරක දැන්වීමක් මිසක් ප්‍රතිපත්තියක් නොවේ.
මේ එක එක කෙනා කියන අවලාද ඔබතුමා සත පහක ගනම් ගන්න එපා. මොකද ඔබතුමා අවුරුදු ගානක් තිස්සේ ඈත ගම් දනවු වල අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ට ගෙයක් දීල ඒ ජන ජීවිතය නගා සිටුවන්න කරපු මෙහෙවර මේ රටේ සුවහසක් ජනතාව ඉතා හොදින් දන්නවා. ඔබතුමා ඔය කරන දෙයත් රටට කොතරම් සෙතක්ද. ඡන්ද ප්‍රචාරක රැලි වල ඉන්න සෙනග දැක්කම ඔබතුමා දැනටත් දිනලා ඉන්නේ. ඔබතුමාට ජයෙන් ජය.
කමෙන්ට් කියවපුවම දුකයි කොච්චර වහල් මනසක් තියෙන අයවලුන්ද කියලා. පරිසරයට පක්ෂ පාට අදාළ නැහැ. සංකල්පයයි වටින්නේ.
ඔය ප්‍රඥප්ති නම් මොනවද කොල කෑලි අත්සන් කර කර ඉන්නවා. එක්කෙනෙක් හරි පරිසර ප්‍රඥප්තිය ප්‍රායෝගික කරල පෙන්වන්න.
උපන්දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ දැන් අන්තිම මොහොතේ දෙකොන රත්වෙලා තියෙන්නේ මේවා මහවිහිළු වැඩ... මේ යන විදියට ආයේ කසාදයට වුණත් අත්සන් කරයිද මන්දා... කලබලෙන් රටේ මිනිස්සු බහුතරයක මෝඩ වෙන්න ඇති... එ්ත් මේ රටේ මේවා තේරෙන මිනිස්සුත් ඉන්නවා... මේවාගෙන් වෙන්නේ තියෙන ඡන්දත් නැති කරගැනීමක්...