(හැටන් රංජිත් රාජපක්ෂ)
රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.
මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ ඒ මහතා සමාජිකයකු වශයෙන් කටයුතු කරන ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට පාසල් පොත් බෑග පිරිනැමේ අවස්ථාවකදීය.
2019 නව පාසල් වාරය වෙනුවෙන් රු 2300 ක් වටිනා පොත් බැග කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්.ශාලාවේදි ගුණ-ජය-සතුට පදනමේ අනුග්‍රහය ඇතිව බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු කිරිම සඳහා බවයි.
රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව කර දේශාපලනයේදි නිසි තීරණ ගන්නේ නම් මේ රට මීට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවද මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේය.
මේ රටේ 45% ක ජනතාවක් ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමීමට රටේ දේශලපාලනඥයින් කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කළේය. රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලඥයින් බවත්, දේශාපලන කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම් බියෙන් ජිවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් මහතා පෙන්වා දුන්නේය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වගකිය යුතු බවත් මුත්තයියා මුරලිදරන් මහතා පැවැසීය.
ඔහු වැඩිදුරටත් පැවසුයේ වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවත් පැවසීය.
COMMENTS
ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම තමන් උපන් රටට සේවය කිරීමට දේශපාලනය කිරීම හෝ තනතුරු තිබීමද අවශ්‍යම නැහැ. අද දේශපාලනය කරන සෑමදෙනාම තමන්ගේ පැවැත්ම, තමන්ගේ බඩගෝස්තරේ, තම තමන්ගේ මූසල නම් ප්‍රසිද්ධ කර ගැනීම මහජන බදුමුදල්වලින් සුර සැප විඳීමේ චේතනාවෙන් දේශපාලකයන් වී ඇති බව නම් ඉතාමත්ම පැහැදිලියි.
මෙන්න වැඳලා දේශපාලනයට ගෙන්න ගන්න ඕනේ මහත්වරු... හැබැයි මුරලිදරන් මහත්මයෝ ඔහොම හිතලයි රණතුංගවත් දේශපාලනයට ගත්තේ. දෙදෙනාම ගැසුවේ ක්‍රිකට් වුණාට ජාතියේ වෙනසක් නිසා මට ඔබව හොඳටම විශ්වාසයි...
මුරලිදරන් මහත්මයෝ කම්කරුවන්ට 1000 ගානේ ගෙවලා අපි තේ කිලෝඑක කීයට විකුණන්නද? අපිත් සමග ඉන්දියාව තරඟ කරන බව මතක තියාගන්න. ඉන්දියාවේ කම්කරුවන්ට කීයක් ගෙවනවාද කියා පළමුව සොයා බලන්න. ඊට වැඩි මුදලක් අපිට ගෙවන්න කියනවා නම් මේක ඉන්දියන් කුමන්ත්‍රණයක්. මොකද අපේ මිල වැඩි වුනොත් එ්ක ඉන්දියානු තේ වලට වාසියක්...
ඔබතුමාගේ කතාවට මම 100ට 100ක් එකඟයි. සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක්..
සහතික ඇත්ත කතාව. දේශපාලකයෙක් නොවන තරමට අවංක සේවයක්ද කළ හැකියි.
සහතික ඇත්ත කතාව... දේශපාලකයෙක් නොවන තරමට අවංක සේවයක්ද කළ හැකියි.
ඔබගේ අදහසට ගරුකරන අතර අප අමතක නොකළ යුතු දෙයක්ද අැත. ඔබතුමන් තරමින් නොවුණත් ප්‍රසිද්ධියක් නොලබා තමන්ට පුළුවන් තරමින් උදව් කරන විශාල ප්‍රමාණයක් අප ජන සමාජය තුළ සිටින බව... අද ගොඩාක් අය පොඩි වැඩක් කරලා මාධ්‍ය සංදර්ශන පවත්වනවා නමුත් බොහෝ පිරිසක් එවන් සංදර්ශන නොකර තමන්ගෙන් ඉටුවිය යුතු දේ කර නිහඬව ඉන්නා බව අමතක නොකළ යුතුයි. දේශපාලකයින් සහ එන්.ජී.ඕ. නඩ කරන්නේ කොහෙන් හරි ලැබෙන දෙයින් භාගයක් තමන් ලබාගෙන ඉතිරිය ජනතාවට බෙදීමයි. නමුත් අප ඔබතුමාට ගරුකරනවා. ඔබට කළ හැකි හොඳම දේ නියම විදිහට කිරීම සම්‍බන්ධව... ජනතාවගේ අාදරය ඔබතුමාට නිසැකවම ලැබෙනවා.
ඔය කීවාට බැරුව ඇති... අර රංගේ බණ්ඩාර කියන්නේ ඇමතිකමකුත් නැතුව ජනතාවට සේවය කරන්න බැහැ කියලා...
එකෙන්ම... මේ වගේ මිනිස්සු දේශපාලනයට එනවානම් රටට හොඳයි.
එකෙන්ම...
මුරලිදරන් කිව්වේ ඇත්ත... දේශපාලනය ඕනේ ජනතාවට උදව් කරන්න නිදහසේ ගිහිල්ලා ජනතාවට උදව් කරනවා.
ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්... රටට සේවය කරන්න නම් දේශපාලනය අවශ්‍ය නැහැ තමයි. හැබැයි ජනතාවට මොන ආකාරයක හෝ නායකත්වයක් දී ඔවුන් ඉදිරියට මෙහෙයවීමට හැකි ජනබලයක් තිබිය යුතුමයි. දැන් ඔබ ඉන්න සංවිධානය වැනි ආයතනයක් නැතුව විශාල ජනතාවකට සේවය කරන්න බැහැ.. දේශපාලනයට ඇවිත් හොරකම් නොකළ ලින්කන්, කස්ත්‍රෝ, ලී ක්වාන් යු, මහතීර් මොහොමඩ් වැනි අය ලෝකයේ ඉතා දුර්ලභ නිසා දේශපාලනය නොකරන එක තමයි වඩාත් හොඳ. ලංකාවෙත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න බව දැන්නම් පෙනෙනවා...
ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ තමයි. එ්ක ඇත්ත... නමුත් අට පාස් නැති, කිසිම වෘත්තීය සුදුසුකමක් නොතිබුණු සමහර මිනිස්සුන්ට දේශපාලනය නැතිනම් එල්ලෙන්න වැල් නැහැ. සමහර දේශපාලකයන්ගේ පවුල් පිටින් දේශපාලනයට එනවා නම් එ්කේ තේරුම මොකද්ද? ජනතාවගේ බදු මුදලින් බඩකට පුරවා ගැනීම ඇරෙන්න වෙන මොකුත් වැදගත් ආදායම් මාර්ගයක් හතර වරිගෙටම නැහැ කියන එක නේද?
1965 - 1970 කාලේ තමා දන්නා තරමින් අවංක දේශපාලනය තිබුනේ. දැන් ලංකාවේ ඒ මහත්මා දේශපාලනය කළ නොහැක. දැන් කළහැකි වන්නේ යහපාලන දේශපාලනය... දුටුවනේ කොහොමද යහපාලනය කියලා. ඉතින් ඔබතුමා දේශපාලනය ගැන හිතන්නේ වත් නැති තරමට හොඳයි. ලෝකයක් ජය ගත්තු ඔබ ශ්‍රේෂ්ටයි මුරලි. ඔබටතුමාට ජය !!!
අපේ රටේ දේශපාලනයට ඇතුල් වී තිබෙන බොහෝ දෙනෙක් ඒක කරන්නේ "සේවය" සඳහා බව ඔවුන්ම කියනවා! නමුත් එම තියරිය අපේ රටේ ජනතාවට නොතේරීම කණගාටුවට කරුණකි. වෙනත් විදියකට කියනවා නම්..."සේවය" යනු රටට හා රටවැසියාට නොවෙයි. එම "සේවය" ඔවුන් කරන්නේ තමන්ට සහ සිය නෑ හිතවතුන්ට පමණක් යයි කිවුවොත් එය 100% නිවැරදි යයි මගේ මතයයි. නැත්නම් කොහොමද පෙට්ටි කඩවල් කරමින් ජීවත් වූ අය සුවිසල් මන්දිරවල සැපට වසන්නේ?
අපේ මිනිස්සු දේශපාලනයට බහින්නේ රටට සේවය කරන්න නොවේ. තමන්ට සේවය කරගන්න.
'ජනතාවට සේවය කරනවා' කියන කතාව ලංකාවේ දේශපාලකයින් දමාගන්න වෙස් මුහුණක්...
දේශපාලනයක් අපේ රටේ තියෙනවද? තමතමන් පොහොසත් වීමේ සහ බලතණ්හාවේ පොරයක නියැලෙන සත්තු කොට්ටාශයක් නම් දියවන්නාව පැත්තේ ඉන්නවා. අපේ අවාසනාව ශ්‍රී ලංකාවේ ජනතාවට යහපතක් වෙන්නේ කවදා හරි ඔබතුමා වැනි අදහස් දරන උගතුන් රට පාලනය කරන දවසකයි. දේශපාලන වහල් භාවයෙන් මිදිය හැකි තරමට මිනිස් බුද්ධිය දියුණු වූ දවසකයි...
ඔබතුමා වගේ ගුණ ගරුක මහත්තයෙක් අපේ රටට සම්පතක්..... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!!!!!
ඒ උනාට ඔය ඇත්ත අපේ රටේ ජන හරකුත්ට තේරෙන්නේ නෑ. ඡන්දයේදී ඇස් පියාගෙන ගිහින් කැපුවත් කොළ කැපුවත් නිල් කියල ගහල ඇවිත් බැන බැන ඉන්නවා.
ඒ උනාට සල්ලි හොයන්න දේසපාලනේ ඕනෙනේ
මේ රටේ ඉන්න දේශපාලකයෝ රට විනාශ කරනවනේ.. මේකට විරුද්ධ ක්‍රමවේදයක් ඔබතුමන්ලාට හදන්න බැරිද?
මුරලිදරන් මහත්මයා ක්‍රීයාකාරී දේශපාලනයේ නොසිට ජනතාවට කරන්න බැරි දේ බොහොමයි. එමනිසා ඔබ වැන්නවුන් ක්‍රියාකාරී දේශපාලනයේ අවශ්‍යයි. එ්ත් ඔබ වැනි අය දේශපාලනයට පැමිණියාම ඔබලාව වෙනස් කරන වෙන බලවේග තිබෙනවා. ඒවායින් මිදීම ලෙහෙසි නැත. දේශපාලන මාෆියාවන් තිබෙනවා. ඒවාට අවනත නොවුනොත් 1970වේදී ඔබ ක්‍රීඩා කරපු තරඟයක ඔබ වංචාකළ කියා ප්‍රසිද්ධ කරාවි. එහෙම කාලකන්නි රැලක් ලංකා දේශපාලනයේ ඉන්නේ. ඔය ඉන්න විදිහටම ජනතාවට සේවයක් කරගෙන ඉන්න. හැබැයි දේශපාලකයන් සතේකට මායිම් කරන්න එපා. අපි කාටවත් කොඩි වන්නේ නැහැ... කොටින්ම පාරේදී හැරිලා වත් බලන්නේ නැහැ.
සහතික ඇත්ත ගවයන්ට මිහරකුන්ට ඡන්දෙ දීලා අැද අැද ඉන්නවා . එක අතකින් බැලුවම ජන හරකුන් ගවයන්ට, මිහරකුන්ට අම්බරුවන්ට ඡන්දෙ දෙනවා හැර මිනිසුන්ට ඡන්දෙ දෙන සිරිතකුත් නැහැනේ. තම වර්ගයා ගැන හොදින් හිතන එකත් ලොකු දෙයක්.
දේශපාලකයන්ට බනින්න එපා . රටේ ජනතාව තමන්ගේ ඡන්දෙන් පත්කරන්නේ තමන්ට අවශ්‍ය පෞද්ගලික වැඩ කරගන්න පුළුවන් කොට්ටාශයක්. රටේ ජනතාව මෙයට වග කියන්න ඕනේ
බමුණුආරච්චි ඒ කාලේ හිටිය බමුණු ගණයට වැටෙනවා නම්... සිදුහත් කුමරුවා ඉස්සෙල්ලම පෙන්වන්නේ ගෙනාවේ බමුණෙකුටයි. ඔබ ඒ කාලේ සිටියා නම් සිටියේ බමුණන්ට පහළින් නේද?