IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ජාතික රුධිර පාරවිලයනට ලේ අවශ්‍යයි’

(විනීතා එම් ගමගේ)        

ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්‍යාගයන් අඩු වෙමින් පවතිතැයි පැවැසේ.

පවතින තත්ත්වය යටතේ ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීමට නොහැකි විමත් සමඟ මෙසේ රුධිර හිඟයක් මතුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මේ තත්ත්වය නිසා හදිසි සැත්කම්, තැලසීමියා රෝගීන්, පිළිකා රෝගීන් ආදී හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලේ සපයා ගැනීමට යළි රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය වී ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසය පැතිර යාමෙන් ලේ දන්දීමේ කඳවුරු පැවැත්විය නොහැකි බැවින් හැකියාවක් ඇති අය ලේ බැංකුව අමතා වේලාවක් වෙන් කරගෙන ලේ දන්දීමට පැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

එසේ දුරකතන ඇමතුමක් දෙන අය ළඟම ඇති රුධිර පාරවිලයන මධයස්ථානයට යොමු කරන බවත් ඔවුන්ට එහි පැමිණීමට වේලාවක් වෙන් කරන බවත් හෙතෙම කියාසිටියේය.

එසේ ඇමතුමක් නොදී පැමිණියත් ලේ දන්දිය හැකි නමුත් එක් අයෙක් හෝ දෙදෙනෙක් හැර ඊට වඩා පිරිසක් එහි නොපැමිණෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

එමෙන්ම ඉකුත් මාසයක කාලයක් ඇතුළත උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතා පැවැතියේ නම් හෝ තවමත් පවතින්නේ නම් හෝ පසුගිය මාසයක කාලයක් ඇතුලත විදේශයක සිට පැමිණියේ නම් ලේ දන්දීමට නොපැමිණෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

එසේ විදේශගත වී සිට පැමිණි පුද්ගලයකු නිවසේ සිටී නම් හෝ එවැන්නෙක් සමඟ සමීප සබඳතා පැවැත්වී නම් හෝ එයද ලේ දන්දිමට නුසුදුසුකමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වනවිටත් උණ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති සාමාජිකයකු පවුලේ සිටි නම් එවැනි අය ද ලේ දන්දීම සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.



අදහස් (0)

‘ජාතික රුධිර පාරවිලයනට ලේ අවශ්‍යයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site