IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ

(නාලක සංජීව දහනායක)
 
සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) පැවැසීය.

 
යම් මතයක් දරණ දේශපාලනඥයන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම විවිධ මත ප‍්‍රකාශ කළද එය ආණ්ඩුවේ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු කීය.
 
ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී අද (14)  පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා සදහන් සිටියේ ද්‍රවිඩ උත්සවයකදී එම භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමට තහනම් කර නැති බවය.
 
එක රටක තිබිය හැක්කේ එක ජාතික ගීතයක් පමණක් යැයි කී අගමැතිවරයා භාෂා රාශියක් කතාකරන ඉන්දියාවේත ජාතික ගීතය ගායනා කරන්නේ එක් භාෂාවකින් පමණක් යැයිද අගමැතිවරයා කීය.
 
මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමෙන්ම ජාතීන් අතර භේදය වැඩිවන බව පැවැසූ අගමැතිවරයා ජාතික ගීතය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතුව තිබෙන බවට තමන් දකින්නේද පත්තරවලින් යැයිද පැවැසීය.
 



අදහස් (17)

ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ

62laksshe Tuesday, 14 January 2020 12:23 PM

69 ලක්ෂයටම කොකා පෙන්නනවා නේද ලොක්කෝ?

:       0       1

Hafeel Tuesday, 14 January 2020 12:33 PM

අපි දැන් බලමු මෙදා පාර හරි සුමන්තිරන් දෙමළ භාෂාවෙන් ගායනා කරනවද කියලා...

:       0       1

prakaash Tuesday, 14 January 2020 12:45 PM

ජාතික ගීය ගායනා කල යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව මගේ මතයයි.

:       1       0

Asanga Tuesday, 14 January 2020 12:47 PM

රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයක්.

:       0       0

Nuwan Tuesday, 14 January 2020 12:49 PM

දෙමළ අයගේ නිජබිම වන දකුණු ඉන්දියාවේත් ජාතික ගීය හින්දියෙන් කියද්දී මෙහෙ විතරක් මොකද දෙමළක් අල්ලාගෙන දගලන්නේ?? නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් මෝල් ගස් වෙනකන් බලන් ඉන්නද හදන්නේ? නැත්නම් කොන්ද පණ නැද්ද කියන්න?

:       0       1

akalanka Tuesday, 14 January 2020 12:52 PM

ජයලලිතා මිය ගිය දවසේ පාරදිගේ මළගෙවල් තියපු මිනිස්සුන්ටද ජාතික ගීය දෙමලෙන් කියවන්න ඕනේ... ඔහෙලගේ වැඩනිසා සිංහල මතුපරපුර රටක් නැති ජාතියක් කරන්නද හදන්නේ?

:       0       2

surath Tuesday, 14 January 2020 12:59 PM

එක රටකට එක ජාතික ගීයයි ඉන්දියාව දෙස බලන්න බයිලා සමය නැවත ඇරඹි ඇති සෙයකි.

:       0       0

සේන Tuesday, 14 January 2020 02:16 PM

රටම යුද්ධයෙන් නිදහස් කිරීමේ ගෞරවය මෙතුමාට සදාකල් හිමියි. නමුත් දේශපාලනමය සුළු වාසි බලාගෙන චොර වෙන්න හදනවා නම් එහි ප්‍රතිඵලය නරක විය හැකියි.

:       0       1

SARATH SILVA Tuesday, 14 January 2020 03:08 PM

මෙයා මෛත්‍රීපාල වෙන්න හදනවා. ඔක්කොම දකින්නේ පත්තරෙන්. 69 ලක්ෂයට දෙවියන්ගේම පිහිටයි.

:       0       1

Champa Tuesday, 14 January 2020 03:10 PM

අගමැතිතුමා, ඔබට ඡන්දය දීපු මිනිස්සු ජාතික ගීය එක භාෂාවකින් ගායන කළ යුතුයි කියන මිනිස්සු. වහල් ආණ්ඩුව ජාතික ගීය දෙමලෙන් ගායනා කලේ කොටි ඩියස්පෝරාවට සහ ටීඑන්ඒ එකට දීපු ඡන්ද පොරොන්දුවක් විදිහට. ඊට පස්සේ විජයකලා ජාතික කොඩිය ඔසවන එක ප්‍රතික්ෂේප කරන්න තරම් එහාට ගියා. එදා රටේ මොනතරම් ඊට විරෝධයක් ආවාද කිව්වොත් වහල් ආණ්ඩුවත් අඩියක් ආපස්සට ගත්තා. එදා ඔබත් ඒකාබද්ධ විපක්ෂයක් ඊට විරුද්ධ වුණා. ජනතාව ඉල්ලුවේ වහල් ආණ්ඩුවට විකල්පයක් මිසක් "ආදේශකයක්" නෙමෙයි කියන එක අමතක කරන්න එපා. ඔබ ලවාම ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් වෙනවා වගේ පේනවා. එකක් මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික අමාත්‍යාශයේ ලියාපදිංචි කිරීම. දෙවෙනි එක මේක වෙන්න පුළුවන්. පහුගිය කාලේ ලොකු දේශප්‍රේමීන් වගේ පෙනී හිටපු ගිහි පැවිදි දෙපිරිසවම අද රට පාවා දෙන ගිවිසුම් සහ විදේශිකයන්ට රටේ ඉඩම් විකිණීම වැනි දේශද්‍රෝහී ක්‍රියා සාධාරණීය කරන අතකොළු විදිහට පාවිච්චි කරගෙන යනවා කියලා පේනවා. ඔබත් ඒකට අහුවෙන්න එපා අගමැතිතුමා. ඔබ ඒකාධිපතියෙක්වත්, ද්විත්ව රංගනයක් කරන්නෙක් වත් නෙමෙයි. එදා මෙදාතුර ලංකා ඉතිහාසයේ හිටපු ජනතාව කොන්දේසි විරහිතව ආදරය කරපු එකම ජනනායකයා ඔබයි.

:       0       0

lankasri Tuesday, 14 January 2020 07:36 PM

මෙයාටත් අරයගේම ලෙඩේ බෝවෙලා වගේ පත්තරෙන් දැක්කයි කියන්නේ..

:       0       1

Bamunuarachchi Tuesday, 14 January 2020 09:55 PM

දෙමළ උත්සවවලදී ජාතික ගීය කීවත් එකයි, අපට නැතත් එකයි... නමුත් රාජ්‍ය උත්සවවලදී ජාතිකගීය සිංහලෙන් පමණක් විය යුතුයි.

:       2       1

ChampaThursday, 16 January 2020 01:06 PM

එහෙම කොහොමද ජාතිය අනුව නීති දෙකක්... ඇයි මහ ලොකුවට එකරටක්, එක නීතියක් කියලා නේද ඡන්ද ගත්තේ..?

:       0       1

BamunuarachchiThursday, 16 January 2020 01:48 PM

දෙමල්ලු ඔවුන්ගේ මගුල් ගෙවල්වල කරන ඒවා රජයට සම්බන්ධ නැහැ එ් තැන්වල කුණුහරප කීවත් අපිට කමක් නැත. මම මෙහෙම කියන්නම්... තමන්ගේ වත්තේ නැතිනම් ඉංග්‍රීසියෙන් කියන "ඩ්‍රයිව් වේ" තුළ බීලා වාහන පැදෙව්වත් එකයි, හෙල්මට නැතුව ගියත් එකයි අපිට කමක් නැත. නමුත් පාරට එනකොට බීලා ඉන්න බැහැ හෙල්මට් නැතුව බැහැ. තේරුණාද චම්පා.

:       1       0

prasad Tuesday, 14 January 2020 11:57 PM

මිනිසුන් ඔබතුමන්ලා කෙරෙහි තැබූ විශ්වාසය කඩකරන්න එපා. ඉන්දියාවට වගේම අපිටත් එකක් ඇති. දෙමළෙන් ගීය කිව්වට ඒ ගොල්ලන් ආදරේ ඊළමට මිසක් ලංකාවට නෙමෙයි. ඡන්ද බලාගෙන වැඩ කරන්න එපා. ඉන්දියා, යූකේ, ජර්මනිය, ස්විස් වගේ රටවලදී දෙමළ කට්ටියට දෙමලෙන් ගීයක් තියෙනවද?

:       0       3

ලසන්ත Wednesday, 15 January 2020 02:38 AM

සත්‍ය ලෙසම ජනතාව විසින් කළයුත්තේ කෙසේ හෝ මේ පත්තර ටික වසා දැමීමයි.

:       0       1

hatanamalakshe Wednesday, 15 January 2020 03:25 AM

මුළු පවුලටම තනතුරු බෙදාගෙන ලේලිලගේ අප්පලා, අම්මලා අපිට කොකා පෙන්නනවා නේද? ලොක්කා ඡන්දෙ එනවා ළඟ අපි බලාගන්නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
2025 පෙබරවාරි මස 19 2 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 පෙබරවාරි මස 19 22 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
2025 පෙබරවාරි මස 18 239 0

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු
2025 පෙබරවාරි මස 18 79 0

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
2025 පෙබරවාරි මස 18 215 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව


ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 18 486 2

විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 341 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1011 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site