IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි

විනීතා එම් ගමගේ

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.

එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා පාලන මිලක් නියම කරන්නට රජය පියවර ගත් අතර ඒ රුපියල් 55 කි.

එහෙත් ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගිනි.

පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55 ට ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොකල බව ත‍්‍රිපෝෂ කම්හලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ හේතුවෙන් සති දෙකක් පමණ තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ති‍්‍රපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇතැයි ද වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි. සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලූමක් ඇති බවත් ඒ සදහා මසකට රුපියල් මිලියන 75 ක පමණ අලෙවියක් පවතින බවත් හෙතෙම සදහන් කළේය.

ත‍්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.



අදහස් (12)

ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි

bandula Sunday, 31 May 2020 03:44 PM

මතිලාට කන්න දෙන්න හදන ෆැක්ටරියක නම් බලාගන්න තිබුණා හඳෙන් ගෙනැල්ලා හරි හදන අපූරුව..

:       24       84

CHANDRA Sunday, 31 May 2020 04:48 PM

රටේ සහල් මිල ඉහළ ගියාම රටේ ජනතාවගේ ජයග්‍රහණයක් කිව්වා වගේ - ත්‍රිපෝෂ කම්හල වැසීම, ගැබිණි මව්වරුන්ගේ, සේවකයන්ගේ, රටේ ජනතාවගේ ජයග්‍රහණයක් යයි කියන්න පුළුවන්. ත්‍රිපෝෂ පිටි මිල ඉහළ ගියොත් ගැබිණි මව්වරුන්ගේ, සේවකයන්ගේ, රටේ ජනතාවගේ විශිෂ්ඨ ජයක් වෙන්නත් පුළුවන්. රටේ ජනතාව ජය පිට ජය ලබාගන්නවා.

:       22       138

Ramesh Sunday, 31 May 2020 05:29 PM

කතාව නම් වියත් මගෙන්, ඒත් පෙට්ටි කඩයක්වත් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ...

:       47       165

asanka Sunday, 31 May 2020 06:04 PM

ආණ්ඩුව හැම එකටම පාලන මිලක් දාන්න ගිහින් ඇන ගත් තවත් එක් අවස්ථාවක් තමයි මේ. රටේ නිපදවන එකට තව කූරු ගහන්න ගිහින් අන්තිමට ත්‍රිපෝෂත් පිටරටින් ගෙන්වන්න තමයි වෙන්නේ. කවුරු හරි දේශපාලකයෙක් ඉන්නවද දන්නේ නෑ පිටරටින් ගෙන්වීමට ත්‍රිපෝෂ ඕඩරයක් දමපු...

:       104       531

lalithm Sunday, 31 May 2020 06:14 PM

කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි කියලා පරණ කතාවක් තියෙනවා. රජවෙනකොට කියපුවා දැන් අමතක වීගෙන යනවා. හොඳ ප්‍රවණතාවක් නොවෙයි ජනපතිතුමනි.

:       152       232

Kumar Monday, 01 June 2020 02:38 AM

මේ කර්මාන්ත ශාලාවේ සැපයුම් අංශය භාරව ඉන්නේ මොනවගේ කෙනෙක්ද? ගම්බද මව්වරුන්ට ලැබෙන එකම පෝෂ්‍යදායි ආහාරය නැතිව ගියා වගෙයි. කර්මාන්තශාලාවේ ඉන්නන ලොකු ලොක්කෝ ත්‍රිපෝෂ කන එකක්යැ. අපි මෙරට ලංකාවේ වෙළෙඳ සලකින් ත්‍රිපෝෂ ගෙන ප්‍රණීත අග්ගලා හදනවා.

:       0       16

jayath Monday, 01 June 2020 03:27 AM

මට වෙලාවකට හිතෙනවා තාම තියෙන්නේ යහපාලන ආණ්ඩුවද කියලා... මොකද වී වලට මිලක් දෙනවා පස්සේ "මෝල්" කාරයින් කියනවා ඒ ගාණට වී අරගෙන කරන්න බැහැ.... මෝල වහලා හිරේට යනවා කියලා කව්රුත් අර සුපුරුදු සහල් මාෆියා ගීතය වාදනය කරන අතරේ ඔන්න අර කලින් දීපු මිල ඉහළට දමනවා !!! බඩ ඉරිඟු වලටත් ඕකමයි වෙලා තියෙන්නේ රජය නියම කරපු මිලට කව්රුවත් බඩ ඉරිඟු දෙන්නේ නැහැ...! මේ වගේ නාටක ගිය ආණ්ඩුව යටතේ වුණානම් හිත හදාගත්ත හැකි... නමුත් දැන්...!!!

:       165       428

Achini Monday, 01 June 2020 03:50 AM

වෙනස හොඳටම සැපවීගෙන එනවා වගේ, අපරාදේ මගේ ඡන්දෙ...

:       306       619

සජිත් Monday, 01 June 2020 06:02 AM

උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ 3%කින් එක්කෙනෙක් වගේ.. ආර්ටිකල් එක හරියට කියවලා නැතිව ..

:       371       107

සමීර සම්පත් Monday, 01 June 2020 07:20 AM

අපරාදෙ ඇත්ත... වෙනසක් වෙනුවෙන් පාවිච්චි කරපු ඡන්දෙ... කිසිදාක දේශපාලනය නොකරපු කෙනෙක් නිසා රට සැබැවින්ම දියුණු කරාවි කියලයි හිතුණේ...

:       403       732

ධනා Monday, 01 June 2020 08:11 AM

ගොඩක් අය ත්‍රිපෝෂ කන්නනේ ගෝඨාව ජනාධිපති කරලා තියෙන්නේ. හපොයි මගේ ඡන්දේ...!!!

:       150       65

Sujani Tuesday, 02 June 2020 03:55 PM

මුළුමනින්ම වසා දමලා නම් නැහැ . නිශ්පාදනය කිරීමක් සිදු වෙන් නෑ. බඩ ඉරිගු එනකන්. නමුත් සේවකයින් සුපුරුදු පරිදි වැඩ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site