
(ඩයනා උදයංගනී)
මේ දිනවල ගෑස් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුව සිටින නිසා භූමිතෙල් ලබාගැනීමට පැමිණි පිරිස් හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල අද (23) දිගු පෝලිම් පැවතිණි.
ගෑස් සිලින්ඩර පිපිරීමේ තත්වය හේතුවෙන් ඇතිවූ බිය සහ ගෑස් හිඟය හේතුවෙන් බොහෝ දෙනෙක් භූමිතෙල් ලිප් භාවිතයට යොමුවිය.
ගෑස් හිඟය ද තවමත් පවතින අතර ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි පවතින ප්‍රචාර හේතුවෙන් ද ජනතාව බියට පත්ව සිටින බැවින් භූමිතෙල් රැස්කර තබාගැනීමට උනන්දු වන බව පෙනේ.
මේ හේතුවෙන් ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා විශාල ප්‍රමාණයේ කෑන් රැගෙන ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.
ඡායාරූප ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරුගොඩ වත්ත ශෙඩ් එකේ කොහොමත් භුමිතෙල් ගන්න නිකන් දවසටත් දෙතුන් දෙනෙක් ඉන්නවා. එකක් තමයි ලොකු කෑන්වලට ගෙනියන්නේ... අනික තමයි කීපදෙනෙක් ආවාම කොහොමත් පෝළිමක් වෙනවා. මේ දවස්වල භුමිතෙල් වලට ඉල්ලුම වැඩි නිසා පෝළිම දික් වෙලා, නැතිව මේක මේ ඔච්චර හයිලයිට් කරන්න තරම් දෙයක් නොවේ. අනික් ශෙඩ්වල ඔහොම භූමිතෙල් පොලිමක් ඇත්තේ නැහැනේ....
භූමිතෙල් ලබාගැනීම සඳහා විශාල ප්‍රමාණයේ කෑන් රැගෙන ඉන්ධන පිරවුම්හල් පමණක් නොව ගෑස් ඩීලර්ස්ලා සහ වෙනත් හාඩ්වෙයාර් ආයතන සමග එක්ව බැරල් මගින් භූමිතෙල් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම කළහොත් ජනතාවට කාලය අවම කරගැනීමට සහ දිගු පෝලිම් අඩුකර ගැනීමට හැකියාව තිබේ. මෙය ඉතාම පහසුවෙන්, අඩු වියදමකින් කිරීමේ හැකියාව පවතී...
අවජාතක බැසියා, ගෝඨා ,මහින්දයා ..බලපන් මේවා.විසඳුම් දීපන් මේවට .හොරට කෙල කෙල ඉන්නේ නැතිව
වහල්ලුනේ, කිරිබත් උයාගෙන කාපල්ලා... තව මදි..