(නිමල කොඩිතුවක්කු)
විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (ඔන් ඇරයිවල්) පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
එමෙන්ම අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් හැකිතාක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.
කොරෝනා වයිරසය රට තුළ පැතිරයාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මඟින් ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයින් සඳහාද අදාළ වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ විදේශිකයන් කිහිප දෙනෙකුම එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද එම නිවේදනයෙන් දැක්වේ.
COMMENTS
සමහර ශ්‍රී ලාංකිකයන්ට විදේශ පුරවැසිබාවය තියනවා. ඒ අයගේ නෑදෑයෝ ඉන්නේ ලංකාවේ. මෙවැනි අවස්ථාවක එවැනි අයට මේ පහසුකම ලබා දෙන්න ඕන. මේක හදිසි අවස්ථාවක් නිසා, පිටරටක පාස්පෝර්ට් එකක් නිසා ජීවිතය නැති කරගන්නට ශ්‍රී ලාංකිකයෝ කැමති නැහැ නේද ? ඒ ගැනත් බලධාරීන් හිතුවොත් හොදයි.