



(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක ගම්මානවල ජීවත්වෙන ජනතාව වසර 30 ක කාලයක් තිස්සේ ගල ඔය හරහා දැව කඳන් මතින් යනෙන පිරිසකි.
මැදගම තාරාපොළ ගම්මානයේ ජනතාව එදිනෙදා කටයුතු සදහා ගල ඔය හරහා බිබිලට එන්නේ ඉතා අවදානම් සහිත මෙම දැව කඳක් මතිනි.
දිනකට පාසල් දරුවන් 15 දෙනෙකු පමණ සහ ගොවි නිෂ්පාදන රැගෙන ගැමියන් 50 දෙනකු පමණ දෙනා මෙම අසීරු ලී කොටය පාලමක් බවට පත් කරගෙන තිබේ.
වනයේ තිබෙන හල්මිල්ල වැනි වටිනා දැව කපා ඔය හරහා දමා ඇති අතර මෙයින් ඔයට වැටී ගැමියන් අනතුරුවලට ලක්ව ඇතැයි ඔවුහු කියති.
තාරාපොළ ගම්මානයේ ජනතාවට ගොවි නිෂ්පාදන පිටකුඹුර පොළට ගෙන ඒමටත් දරුවන්ට පිටකුඹුර හා බිබිල පාසල් වලට යාමටත් තිබෙන කෙටිම මාර්ගය මෙයයි.
වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ගෙන් විසඳුම් ඉල්ලූවද මෙතෙක් ඉටු නොවූ බව ගැමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හත්දෙයියනේ මට මතකයි ගිය ආණ්ඩුවෙන් මේ පාලම හදන්න එක් එක් කොට්ටාශයකට ලක්ෂ 50 ක් දුන්නා. පාලම බෝක්කු හදන්න. හැමෝම ගත්තා. කරපු අය මහා මැතිවරණයෙන් ගොඩයි. මේ වගේ වැඩ නොකර ඡන්ද ඉල්ලන්න එන අයට කොස්ස අතට ගන්න වග බලාගන්න. මේ අය ඒ සල්ලි වලින් ඒ අයගේ සුඛවිහරණයට වියදම් කරගන්න ඇති. ඔන්න ආයෙම මේ අලුත් ආණ්ඩුවත් ඒවගේ නැති උනත් සොච්චමක් දෙනවලු. බලමු දැන් මොකද කරන්නේ කියලා......මේ අපේ බදු මුදල්.මේවා දීලා උඩබලාගෙන නොසිට බලධාරියෙක් දාලා සොයා බලන්නම වේවි. නැතිනම් මේ දුප්පත් ජනයාට අබ සරණයි. මේ ආණ්ඩුව පත් කළේ ඒවටනේ. බලමුකෝ මේ අයගේ කෙරුවාවත්.
සල්ලි විජිතමුනි සාක්කුවේ දාගත්තා.
ඒ පැත්තේ හිටපු ඇමතියා පට්ට හොරා. අනිවාර්යෙන්ම ඒ සල්ලි වලින් ගෙදර වැඩ ටික කරගෙන බිරිද එක්ක ෂොපින් යන්න ඇති .
මේ ඡායාරුපය වචන " දහස් ගණනක් " කතාකරනවා. අපි චුටිකාලේ ඒ කියන්නේ අපි වනචාරීන් ලෙස සලකපු කාලේ සමහර දර්ශන සහිත ඡායාරූප තිබුනා පත්තරවල,සඟරාවල මෙන්න මේ වැනි දර්ශන. නමුත් ලෝකය වෙනස් වෙනවා. බුදු දහමේත් ඒ ධර්මයයි කියන්නේ. ඉතින් දැන් ගොඩාක් අප්‍රිකානු රටවල් " අපිව "පසුකරගෙන ගිහින්. ඒත් අපි හිටපු තැනමයි. එයට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ මෙතෙක් රට පාලනය කරපු දුෂිත දේශපාලුවන් " සහ " ඔවුන්ගේ බස් වලට රැවටී ඔවුන්වම නැවත නැවතත් රටේ බලයට පත්කරගත් නුගත් ජනතාව බව ඔබ නොදන්නවා නොවේ. ඒක වෙනම කතාවක්. අපි ඒ ගැන කතා නොකර මේ අවාසනාවන්ත දුප්පත් අහිංසක ගැමියන්ට රජයෙන් වහාම කළ හැකි දෙයක් කතා කරමු. මම යෝජනා කරනවා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව මගින් " යකඩ " පාලමක් සෑදවීම. ඇත්ත වශයෙන්ම එය හමුදාවට ඉතා පහසු ක්‍රියාදාමයක්. පසුගිය යුද සමයේ ඒවගේ පාලම් ගණනක්ම හමුදාවෙන් සෑදුවා. එය ඉක්මන්,පහසු, මිල අඩු ( කොන්ක්‍රීට් වලට සාපේක්ෂව ) කල් පවතින ක්‍රමයක්. මේ පාලමක් අවුරුදු 10-15 පමණ මේ ගැමියන්ට සෙතක් සලසාවි. ජිවිත ගණනක් මාරයාට බිලිවීමේ අවදානම නැතිවේවි. අපිට අදහස් දෙන්න පුළුවන්.එත් නුගත්, දේශපාලුවන්ට මොළය දෙන්නේ කෙසේද..?
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල තියෙන ලංකාවේ. ගමේ මිනිස්සු යන්නේ එන්නේ මෙහෙමයි. මේකද ලංකාවේ ඔය කියන දියුණුව?????
අවුරුදු 30 ක් ඉඳන් යන්නේ මේ විදිහට? මේ ගමට ඡන්දෙ ඉල්ලන් කවුරුවත්ම ආවේ නැත්ද අවුරුදු 30ක් තිස්සේ? අගමැතිතුමාගේ මොකක් හරි සංකල්පයක් දැක්කා ගමට යමක් හරි ඒ වගේ මොකක් හරි නමක් තියෙන. මේ ආණ්ඩුවත් කලින් අවුරුදු 71ක් තිස්සේ තිබ්බ ආණ්ඩු වගේම කරන්නේ ගැමුණු කුමාරයා උණු බත් කෑව වගේ අතනින් මෙතනින් කොතනින් හරි වැඩ කරගෙන යන එක. කිසි පිළිවෙලක් නැහැ. ඒ වුනත් මේ ගම ගැන අගමැතිතුමා අවධානය යොමු කරයි කියල හිතනවා.
ඔය කොටේ උඩින් යන්නේ යාපනේ, මඩකලපු සහ යාපනේ නව ජාත්‍යන්තර ගුවන් තොටු පල කරා වෙන්න ඇති.
අවුරුදු 30ක් ... මැති ඇමතියෝ කීදෙනෙක් මේ ගම් වල ප්‍රශ්න විකුණා විකුණා ගසා කන්න ඇතිද ... ජනාධිපතිවත් මේ ගැන කටයුතු කරයි කියලා මම හිතනවා ..