IMG-LOGO

2024 දෙසැම්බර් මස 10 වන අඟහරුවාදා


ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය.

මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතිය පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කර ඇති බවත්, එබැවින් අදාළ පරිසර වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන ලෙසත් ,වෙරළ ආශ්‍රිත පරිසරය දූෂණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර ඇත.

පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර තුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර ඇමැති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය , පොලිතීන් ආදි අපද්‍රව්‍යයන්ගෙන් අපවිත්‍ර වී ඇත. මෙම තත්ත්වය තුළ වෙරළ තීරයන් ද පරිසර දූෂණයට ලක්ව ඇත.මෙම තත්ත්වය රටෙහි අනෙකුත් වෙරළ තීරයන් හී ද දක්නට ඇත.

ගල්කිස්ස වෙරළ තීරය මුහුදු ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිතා කරති.මේ අතර ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතියට අනුව වෙරළ කෘත්‍රිමව සකස් කිරීම අරඹා ඇත.

මෙම තත්ත්වය තුළ වෙරළ පරිසරය විනාශයට පත්වේ. මෙම වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කර ඇත. එහෙත් මේ පිළිබඳ පරිසර වාර්තාවක් මෙතෙක් ලබා ගෙන නොමැත.

මෙම තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ) 4 (ඊ) 14 , 16 (2) 15 සහ 31 යන විධි විධානයන් උල්ලංඝනය වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසත් වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසද, අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (6)

ගල්කිස්ස මුහුදු තීරය ගොඩකළ බලධරයන් උසාවියට කැඳවයි

Champa Tuesday, 21 July 2020 01:17 PM

ගල්කිස්සේ මම හිතන්නේ මිනී අරුවක්කාලුවක් හදන්න හදලා තියෙන්නේ... කුණු මෙට්‍රික් ටොන් 20ක් උඩින් වැලි දාලා. ඊයේ පෙරේදා ලහිලහියේ ගොඩකරපු පෝට් සිටි වෙරළත් එහෙමද දන්නේ නැහැ. උසාවි ගියපු එක හොඳයි. හැබැයි යුක්තිය ඉටු වෙයිද සැකයි...

:       38       1726

susanthaWednesday, 22 July 2020 08:24 AM

ඔයා 3% ද.?

:       0       0

Sanath KandyWednesday, 22 July 2020 08:49 AM

3% මිනිස්සු තමයි අසාධාරණයට එරෙහිව පෙනී ඉන්නේ කියලා ඔයත් පිලිගන්නවා එහෙනම්.?

:       0       0

Prasad Tuesday, 21 July 2020 01:29 PM

ලංකාවේ දේශපාලුවන් හා නඩුකාරයින් දෙගොල්ලන්ම එකයි. අන්තිමට වැරැදිකරුවන් වෙන්නේ ලොරි රියදුරන් හා ඩෝසර් රියදුරන්...

:       0       339

මෝ Tuesday, 21 July 2020 08:21 PM

මේ අය සහ දේශපාලුවන් කරන්නේ මෙවැනි ව්‍යාපෘති පටන් අරං මහජන මුදල් ගසා කෑමයි.

:       0       28

Dhammika perera Tuesday, 21 July 2020 08:24 PM

ඕකත් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘අල්ලස, දූෂණය නැති නොකළොත් සැමරුම් උත්සව ලබන වසරේ එපා‘‘
2024 දෙසැම්බර් මස 09 1590 0

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
2024 දෙසැම්බර් මස 09 1027 1

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත


ලයිට් බිල ගැන මහජන අදහස් විමසයි
2024 දෙසැම්බර් මස 09 281 1

විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 09 1445 3

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ


සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්
2024 දෙසැම්බර් මස 09 1276 0

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ ය


ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 09 3055 0

පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 79 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 216 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 738 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

Our Group Site