(අජන්ත කුමාර අගලකඩ)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශයක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය සාකච්ඡා කිරීම සඳහා සතියක් කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත .
ඒ අනුව අදාළ කැබිනට් සංදේශය අද කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය .
මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ගුරු සංගම් සමඟ ඉකුත් සතියේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි
විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු සංගම් ඔන්ලයින් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ,සිය ඉල්ලීම් ලබාදෙන තෙක් වර්ජනය දිගටම කරගෙන යන බවඑම සංගම් ප්‍රකාශ කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලො, කැබිනට් එකට තියා අල්මාරියට දැම්මයි කිව්වත් අරුන් ගණන් ගන්නේ නෑ. ඒ අය දැන් දන්නවා ඔහේලගේ දහන් ගැට... පල් වෙන්නේ නැතිව ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම දෙන එක නේද යුතුකම...?
සල්ලි අච්චු ගහලා ඔන්න ඕක දීලා දාන්න.
ගුරුවරුන්ගේ පඩිය වැඩි විය යුතුයි... ඒ වගේම ඉගැන්වීමේ ගුණාත්මක බව වැඩි විය යුතුයි. එහෙම තියෙනවා නම් මේ තරම්. පුද්ගලික උපකාරක පන්ති තියෙන්න බැහැ..
ගුරු පඩි වැඩි වුණාට ඉගැන්වීම් ගුණාත්මක බව වැඩි වෙන්නේ නැහැ. ඒකට ඉතා හොඳ ගුරු පුහුණු වැඩ පිිළිවෙලක් තියෙන්න ඕනෑ. ගුරුවරුන් බඳවා ගැනීමට ස්ථිරසාර ක්‍රමයක් තියෙන්න ඕනෑ. උපාධිය සහ නිසි පුහුණුව නැති කිසිවකු ගන්න හොඳ නැහැ.
ගුරුවරුන්ට කාලකන්නි කියලා අපහාස නොකොට, ඉස්කෝලේ ගිය අය විදිහට, ඡන්ද කාලේ දුන් පොරොන්දු ඉටු කරන්න.
උගැන්වීම ගුරුවරයාට අයිති යුතුකමකි. වැටුපක් ලබා උගන්වන්නේ නැත්නම් එය පාපයකි. තවද උගන්වන්නේ වැටුපක් ලබා නොගෙන නම්, එය පිනකි. වර්ජනය මෙහෙයවන අය කරන්නේ කාලකණ්නි වැඩකි.
පීරිෂ් ලොක්කා, මේ සැරේ ඔයගොල්ලෝ හැප්පෙන්නේ මුළු ලෝකයම ගරුකරන උතුම් මිනිස් කැලක් සමගයි. ලෝකයේම දරුවන්ගේ නැණස පාදන උතුම් ගුරුවරුන් සමගයි. අනිවාර්යයෙන්ම මේ සටන එතුමන්ලා දිනාගන්නවා. ඊට අකුල් හෙලන්න හෙලන්න ඔබ ඇතුළු පොහොට්ටුවන්ගේ ආණ්ඩුවත්, කිසිවක් බැරි, හිනාවෙන, ඇවිදින මළමිනියක් වැනි ජනාධිපතිත් අපකීර්තියට පත්වී... ආණ්ඩුවත් පෙරැලී... පණ බේරාගෙන දුවන්න වෙන දවස 2021 අවසාන වෙන්න කලින් සිදුවේවි...
ගුරුවැටුප් බර අපේ බදුවලට දමන්න එපා. ඒකයි අපි කියන්නේ නොමිලේ අධ්‍යාපනය එපා කියලා...
සියලු රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම නතර කරන්න කියලා සෞඛ්‍ය වර්ජනයට යන්න හදනවාලු... දැන් බලමු අධ්‍යාපනයද දිනන්නේ... සෞඛ්‍යයද කියලා....
අහිංසක, අංගුලිමාල කළේ උගත් (ශිල්ප ශාස්ත්‍ර දත්) ගුරු හොරෙකි. අංගුලිමාල මහරහතන් වහන්සේ නමක් කලේ බුද්ධිමත් ගුරු උතුමෙකි...
මෙතන කමෙන්ට් දාපු ගොඩක් මහත්වරුන්ට තියෙන ප්‍රශ්නේ ගුරුවරයාගෙන් අවුරුදු 24 ක් හොරා කාපු, උදුරා ගත්තු වැටුප දෙන එක.... හැබැයි බදුමුදල් වංචා වලදී, සීනි වලින් ගහපු ගැහිල්ලේදී, ගෑස් වලින් ඇරපු අරිල්ලේදී, කෝටි ගණන් වාහන ගෙන්නලා, නිල නිවාස අලුත් වැඩියාවට ලක්ෂ 200-300 (දුප්පතුන්ට නිවාස 30-40ක් තැනිය හැකියි), මහබැංකුවට වැඩේ දීලා කට්ටියම කඩේ වහලා ඉන්න කොට, වියදම් කරනකොට බිහිරි වූ කණින් ද පොට්ට වූ දෑසින් ද ඔබ සිටියා නේද?