(නිමන්ති රණසිංහ)

තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශණ විශේෂ ඒකක 2 හි නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥ ලලිත ජයසූරිය මහතාය.