(තිලකරත්න දිසානායක)
කොරෝනා රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවති.
එබැවින් ආසාදිතයින් වූවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කළාය.
වැඩිවන කොරෝනා රෝගීන් ප්‍රතිකාර පිනිස වෙනත් රෝහල් වෙත මාරු කර හැරීමට අමතරව ගම්පහ රෝහලෙහි තවත් වාට්ටුවක් සකස් කිරීමට තීරණය කළ බව අද පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියයි.
COMMENTS