IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගතවූ වසරේ විශ්‍රාම වැටුප් කෝටි 46 ක් වැඩිපුර ගෙවලා

(ජයන්ත සමරකෝන්)
 
ගතවූ වසර හතරක කාලය තුළ විශ්‍රාම වැටුප් මුදල් රුපියල් කෝටි 46 ක් වැඩිපුර ගෙවා ඇති බව 2018 වසරේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් හෙළිකර ඇත.

ඒ අනුව රටපුරා විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් ගැන සෙවීමට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට විගණන පරීක්ෂණ කණ්ඩායම් යවා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය.

එම විගණන වාර්තාව අනුව 2018 වසර වන විට වැඩිපුර ගෙවා තිබු විශ්‍රාම වැටුප් මුදල රුපියල් මිලියන 551.94 කි.

ඒ අතරින් වසර 5කට අඩු කාලයක් තුළ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් මිලියන 490.83 ක් වන අතර වසර 5-10 අතර වැඩිපුර ගෙවා ඇති මුදල් රුපියල් මිලියන 51.17 ක් බවද එහි සඳහන් වේ.



අදහස් (8)

ගතවූ වසරේ විශ්‍රාම වැටුප් කෝටි 46 ක් වැඩිපුර ගෙවලා

Wissramikya Monday, 10 June 2019 12:20 PM

ලබා ගැනීමට හිමිකම ඇතත් නොගෙවා ඇති ප්‍රමාණය ඔයිට වැඩිවෙන්න බැරි නැහැ...

:       1       88

ලසන්තMonday, 10 June 2019 01:46 PM

මේ අදහස ඉතාම නිවැරදියි. විශ්‍රාමිකයා මියගිය පසුව වැන්ඳඹු විශ්‍රාම වැටුප හදාගන්න බැරිව බොහෝ දෙනෙක් සිටිනවා. එයට හේතුවෙලා තියෙන්නේ රෙජිස්ට්‍රාර් සහතික කර නිකුත්කළ මරණ සහතිකය සමහර ප්‍රාදේශීය ලේකම්ලා නොපිළිගැනීමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබාගැනීමට ඇති ප්‍රමාදයක් නිසා. අතීතයේ නම් වැන්දඹුවන්ට නොපමාව වැටුප් සකස්කළ යුතුයයි නියමයක් තිබුණත් දැන් ඒවා අවලංගු බව කුත් පේනවා ඒ අතරම කියන්න ඕනෑ බොහෝවිට සිදුවන්නේ වැටුප් වැඩිපුර ගෙවීම්වලට වඩා වංචාවන් මගින් සිදුවන ගෙවීම් මගින් වැඩිපුර ගෙවීම් වෙලාද බලන්න කියලා...

:       0       90

ajith Monday, 10 June 2019 12:25 PM

මගේ විශ්‍රාම වැටුප රුපියල් 18000/- යි. ඒක නම් මැරුවට වැඩි වෙන්නේ නැහැ.

:       0       5

ලසන්තTuesday, 11 June 2019 01:22 AM

අජිත් මයා එහෙමම කියන්න එපා. දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් 2016 ට පෙර විශ්‍රාම ලැබූ අයගේ වැටුප් පරිවර්තනය කරන්න චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එහිදි මෙතෙක් ගෙව්ව 3500ක දීමනාවත් මූලික වැටුපට එකතුකර තවත් එයට ආසන්න මුදලකුත් එකතුකර විශ්‍රාමගත් අවස්ථාවේ ගණනය කල අනුපාතයට ගණනය කර වැටුප් සකස්කරන්න උපදෙස් දීල තියෙනවා. නමුත් තවම ගැජට් එකකින් වැටුප් වැඩිකරනවා කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නම් තවමත් චක්‍රලේඛයක් නිකුත්කරල නැහැ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් විශ්‍රාම වැටුප් සකස්කරන්න බැහැ. ඔවුනුත් චක්‍රලේඛයක් නිකුත් කළොත් ඔබේ 18000 වෙනස් වෙනවාමයි.

:       0       1

සිරිබිරිස් Monday, 10 June 2019 01:57 PM

2019.10.09 දිනයෙනුත් 2020.03.07 දිනෙනුත් 2031.02.07 දිනෙනුත් 2034.10.07 දිනෙනුත් චක්‍රලේඛ නිකුත්කිරීමට සමත් ඉහළ ඵලදායිතාවක් පෙන්නූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එසේ වැරදීමක් වෙන්න පුළුවන්ද? මට නම් හිතාගන්නවත් බැහැ. වෙබ් සයිට් එක පරීක්ෂාකර ලයික් දාන්න.

:       0       26

Kumara Monday, 10 June 2019 02:27 PM

මේක නම් මහ පුදුම රටක්.., මෙහි ඉපදීම පවක්, වෙන මොනවා කියම්ද? සමාවෙන්න...

:       15       50

BamunuarachchiTuesday, 11 June 2019 12:21 AM

ඒ තමයි හලෝ අපායත් මෙලොකෙම තිබෙනවා කියන්නේ. අපි ඉන්නේ අපායේ දේශ පාලුවෝ තමයි යමපල්ලෝ.

:       41       15

amila Tuesday, 11 June 2019 04:33 AM

මොකද ඉතින් දුප්පත් මිනිසුන්ට බෙදලාදීලා.. කාගේ හරි ඇමැති කෙනෙක්ගේ සාක්කුවේ ඇති සල්ලි ටික...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site