(නාලක සංජීව දහනායක)
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වනවිට ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (8) පැවැසීය.
එමෙන්ම ඇතැමුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් කීය. අල්ලසට දූෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළමනාකරණයෙහි ඉතාමත් දක්‍ෂයකු යැයිද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ කිංස්බරි හෝටලයේදී අද (8) පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගී වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලසට, දූෂණයට දැඩිව කටයුතු කරනවා නම් පටන් ගන්න ඕනෑ තමන්ගේ ගෙදරින්මනේ. මොකද බැසිල් මහත්මයා සියයට දහයේ කොමිස් ගත්ත එක ප්‍රසිද්ධ කාරණාවක් නොවැ...
අල්ලස, දූෂණයට විරුද්ධ බව බැසිල් මහත්තයට දෙවියන්ගේම සරණ තමයි.
එතකොට ඔබතුමා තවම අස්කරගෙන නැද්ද? අල්ලසට දුෂණයට තදින් විරුද්ධ වෙනවානම් වැඩේ පටන්ගන්න තියෙන්නේ පවුලේ අයත්, ලඟින්ම ඉන්න කට්ටියත් ගැන පරික්ෂා කරලා තමයි.
ගෝඨාභය කියන්නේ හොඳ දැක්මක් තියන හොඳ ගතිගුණ තියන මනුස්සයෙක්. නිකන් මිනිස්සුන්ට බැනලා අදහස් දාන බූරුවන් ගොඩක් ඉන්නවා. එයාලට කියන්නේ රටක් හරියට පාලනය කරලා මාලිගා 10 හැදුවත් කමක් නැහැ මගේ අදහස නම්. ඉස්සර රජවරු රාජ්‍ය දේපලින් තමයි. දැන් තියන නටබුන් ඔක්කොම. ඉතින් මොකද වෙන්නේ ජාතියක් ගොඩනගලා ඉන්න ගෙයක් දොරක් හදාගත්තාම... දැන් ඉන්න එවුන් මේ අවුරුදු 4 ටම ඔක්කොම වැනසුවේ. බැංකුවල හොරසල්ලි කාරයින්ට ජාතියක් ජම්මයක් නැහැ. ඔවුන් පිටින් අාව එවුන් එක්ක කලවම් වුණු අය. ගෝඨාභය එන එක නවත්වන්න බැහැ. කාටවත් හැංගෙන්න තැන් හොයපල්ලා... ගොන්හරක්...
ඒ වුණාට ඔයා කියන ඒවා විශ්වාස කරන්න බැහැනේ.. ඔයත් ඇමෙරිකන් පුරවැසියෙක්නේ අනේ...
බැසිල් ගෝඨාව වර්ණනා කරන්නේ නැත්නම් මොකා ඒ වැඩේ කරන්නද නේද? තවත් හොඳයි කිව්වා නම් මං වගේම මගේ සහෝදරයත් දුෂණයට නහුතෙටම විරුද්ධයි කියලා...
ඒ කියන්නේ ගෝඨා තමයි ජනාධිපති අපේක්ෂකයා. එතුමා කියන දේ හරි, ඕවට තමයි කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා...
මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ තියන නඩු ටික ඉවර කරගන්නේ කොහොමද කියලා
අනේ ඇමෙරිකාවට හොඳ කාලේ ආවා වගේ ලංකාවට කවදා හොඳ කාලයක් එයිද?
ලංකාවේ ඉන්න අය මේ බොරු පිළිගනීද නැද්ද කියා නොදනිමි. අපි නම් දන්නවා අහෝසි කරගෙන නැහැ කියලා .
මේ තරම් වහල් මිනිසුන්ද මෙරට සිටින්නේ. නින්දිතයි...