මීළග ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මේ වන විට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත.
පසුගිය රජය සමයේදීත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසින් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ (27 වැනිදා) සාකච්ඡා කර තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙනි.
COMMENTS
මේ රටේ ආරක්ෂාව මේවනවිට පවතින විදිහ පාලනය කිරීමට මෙතුමා හැර වෙනත් සුදුසු පුද්ගලයෙක් දැනට නැත.
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමය.
බොහොම හොඳයිි... එතකොට පවුලේ සියලුම දෙනාට ඇති චෝදනා සියල්ල නිදොස් නිදහස් කරන්න පුලුවන්... පරණ පළිගැනීම් නැවත කරන්න පුලුවන් .. දැන් මෙයාට විරුද්ධව වචන චෝදනා උසාවියේ විභාගකරද්දී සදාචාරාත්මකව මෙවන් තනතුරක් දැරිය හැකිද?
ජයවේවා ගෝඨාබය මැතිඳුනි! අපිට ඉතාම සතුටුයි. පෙර කල් පරිදිම, රටට අනර්ඝ සේවයක් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා! බෙදුම්වාදය තුරන් කර, පාතාලය මර්ධනය කර, රටට සාමය ලබා දීමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා!!!!!! අපි ඔබ තුමා සමගයි.
ගෝඨාභය මහතාණෙනි, පාතාලයෝ රටින් පනින්න සූදානම් වෙනවා ඇති එකෙකුට පනින්න දෙන්න එපා ආයුධ හංගපු තැන පෙන්වන්න කියන්න.
පස්ස හරවන් ඉන්න වෙනවා ඉස්සරහට.
ලංකාවට මාර ප්‍රශ්නයක් වෙන්නේ එහෙනම් හැමදේටම විදේශීය පුරවැසියන් ගන්න වෙනවා අනික පල් හොරු මිනි මරුවෝ
හිටපු ඇමතිතුමනි. ඔබතුමාට දැන් නම් බේරුමක් නැත. නැවත ජම්පරය ඇඳීමට සුදානම් වනු...
අපි හැමටම ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා!
කවුරු අගමැති වුණත් මෙම තනතුරට සුදුසු මෙතුමා තමා
ලංකාවේ ඕන මිනිහෙක්ට දේශපාලනය කරන්න පුළුවන් බව පේනවා. ඔහොම යන්.
ඔබ තුමාට විතරයි මේ කුඩු වසන්ගතය නැති කරන්න පුලුවන්............
සිදුවූ වැරදි සාදාගෙන පෙරට යන්න.... මගේ සුබ පැතුම් !!!!!!!!!!!!!!!
ජයවේවා ගෝඨාබය මැතිඳුනි! අපිට ඉතාම සතුටුයි. පෙර කල් පරිදිම, රටට අනර්ඝ සේවයක් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවියන්ගේ රැකවරණය හා ආශීර්වාදය ලැබේවා! බෙදුම්වාදය තුරන් කර, පාතාලය මර්ධනය කර, රටට සාමය ලබා දීමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා!!!!!! අපි ඔබ තුමා සමගයි.
මහතාණෙනි, ඔබට ජය !
අති බහුතරයකගේ ඉල්ලීම මෙයයි.............. ජයවේවා
ජයවේවා....!!! මහින්ද අගමැතිවීමට වඩා සතුටුදායක ප්‍රවෘත්තියක් අපේ රටේ ඒකීය භාවය,රටේ අරක්ෂාව තහවුරු කලහැක්කේ ඔබට පමණි. ඒවගේම රට කාපු හොරු ට්ක එලවන්න. ඉදිරියේදී රටේ සේනාධිනායකයා වෙන්න ඉන්න නායකයා විදිහට රට පරදවන සියලුම පිලිකා ඉවත්කරන්න.
අනේ කාලේ වනේ වාසේ...
බමුණුආරච්චි, පාතාලයෝ කෙසේවෙතත් ලංකාව අවට මුහුදේ ඉන්න මෝරු ටිකනම් පලා යනවලු වේගයෙන්...
බොහෝම හොඳයි... අර ඉස්සර fb එකේ අපහාස කර කර හිටපු අයට ඔට්ටුයි බැරුවාට රජ සමාගමට අපහාස කරන්න.
"මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි කිරීමට නියමිත නව රජයේ කිසිඳු තනතුරක් භාරගැනීමට තමන්ගේ කිසිඳු සූදානමක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව" අද වාර්තා වී තිබෙනවා. එතුමා කියන්න ඇත්තේ "තනතුරු එපා පිටිපස්සේ ඉඳගෙන නාස් ලණු ටික අල්ලාගෙන ඉන්නම්" කියලා වෙන්න ඇති. අපි දැක්කනේ තනතුරක් නැතුවත් එතුමා දකින කොට පොලිසියේ ලොක්කන්ට ඉබේම සැලියුට් ගැහෙන හැටි...
එක රැයින් වෙච්ච වෙනස. මරේ මාරු
උසාවියක නඩුවක් විභාග වෙනකොට , චෝදනා තියෙන කෙනෙක්ට මේ වගේ තනතුරු දෙන්න පුලුවන්ද ? මෙය ඉදිරියේ සියලුම රජයේ සේවකයන්ගේ නඩු කටයුතු වලදී වැරදි පුර්වාදර්ශයක් වෙනවා අනිවාර්යයි ..
ඕනෑම රාජ්‍ය නායකයෙකුගේ වගකීම තමයි එහි ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීම මහින්ද , ගෝඨාභය මහත්තුරු යුද්ධයෙන් අවසන් කලේ ඒ වගකීම. සිරිසේන, රනිල් මහත්තරුත් කරන්න ඕනේ ඒකම. ක්‍රිකට් ටීම් එකක පන්දු යවන්නෝ තෝරන්න කලින් කැප්ටන් කෙනෙක් ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය සමග තෝරන එකයි පිළිගත් සම්ප්‍රදාය. ඒක හින්ද පාරවල්වල මිනිමරගන්න තත්ත්වයට රට පත්කරන්නේ නැතුව උගත්, බුද්ධිමත් මහත්තරුනේ නිලධාරීන් පත්කරගන්න කලින් , රටේ මිලියන් ගණනාවක් ජනතාවගේ මුදලින් නඩත්තුවෙන් සහ ඒ ජනතාව විසින් තෝරා එවන ලබන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව මගින් අගමැති වරයා නිත්‍යානුකුලව පත්කරගන්න. පිරිත් දේශනා කරන, පිරිත් නුල් ගැටගහන ගරුතර සංඝරත්නය එසේ ක්‍රියා කරන ලෙස උක්ත නායකත්වය දැනුවත් කරන සේක්වා!
රනිල් 2015 අගමැති උනේ මොන නීතිය යටතේද ? කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා ? දැන් නීති ගැන කතාකරල පලක් නැහැ.