(මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරී මස 22 වැනිදා සිට දිනපතා විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (04) තීරණය කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බව විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුවේ විත්ති පාර්ශවයට ලබාදිය යුතු සියළුම ලේඛන ලබාදී ඇද්ද යන්න සොයා බැලීමට මෙම නඩුව ලබන ජනවාරී මස 3 වැනි දා යළි කැඳවීමට ද ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වැඩිදුරටත් නියම කළේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ හා ඒ අවට ප‍්‍රදේශයේ විශේෂ පොලිස් භටයින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලූන් විසින් දැඩි ආරක්‍ෂාවක් යොදා තිබිණි.
ඒ අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී අදාළ මුලික විරෝධතාවය ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය.
2025 නොවැම්බර් මස 04
229
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2085
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට
පිටිගල මිලානෝ Tuesday, 04 December 2018 07:40 AM
රටේ සියලු කරදර ඇති වුනේ මේ නඩු පමා වූ නිසයි. තාජුදීන් නඩුවත් ඉක්මනින් අහන්න.